Top News

හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම බැඳුම්කරවලින් බිලියන 5 ක ලාභයක් හොයලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් විසින් කොටස් හිමිකාරීත්වය දරනු ලබන පර්පචුවල් ට්‍රෙසරීස් ප්‍රාථමික නිකුතු සමාගම 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.1 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව වාර්තා කර සිටී. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික විගණනය කරනු ලැබූ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින්…

(0)Comments | September 28, 2016 11:45 am

‘Cinnamon Life’ දෙවැනි නේවාසික ගොඩනැගිල්ල ‘The Suites at Cinnamon Life’ දියත් කෙරේ

මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ ආරම්භ වූ සුවිශේෂීම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පුද්) සමාගම [Waterfront Properties (Private) Limited] නිවේදනය කළේය. ‘The Suites at Cinnamon Life’ ලෙස නම්කර ඇති මෙය වර්ග අඩි මිලියන 4.5 ක ප‍්‍රමාණයකින් යුක්ත වනු ඇත. වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් සමාගම…

(0)Comments | September 28, 2016 7:26 am

ශ්‍රී ලංකාවේ ණය බර සැහැල්ලු කරන්න අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය පෙරට එයි

ශ්‍රී ලංකාවේ ණය බරතාව අවම කිරීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ලොව ප්‍රබල රටවල් රැසක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල් ඊයේ (27) නිල වශයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත මේ බව දැනුම් දුන්නේය. ඒ එම රටවල තානාපති සහ මහකොමසාරිස්වරුන් සමග අද මුදල් අමාත්‍යාංශයේ දී…

(0)Comments | September 28, 2016 7:19 am

සිගරට් බදු ඉහළට

සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, 15%ක එකතු කළ අගය මත වන බද්ද (VAT) සිගරට් සඳහා නැවත පැනවීමටත්, දැනට…

(0)Comments | September 28, 2016 5:47 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) උදෑසන නිවේදනය කරනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයෙහි පහත කරුණු අවධාරණය කර ඇත. මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් ප්‍රසාරණය පෙර මාසයේ වාර්තා වූ සියයට 17 හා සාපේක්ෂව…

(0)Comments | September 28, 2016 5:27 am

විවෘත ආර්ථිකය හමුවේ සමහර කර්මාන්ත කඩා වැටුණා – DSI MD කියයි VIDEO

1977 වකවානුවේ දී මෙරට ආර්ථික විවෘත කිරීමත් සමඟම ඇතැම් කර්මාන්ත ඊට මුහුණ දීමට නොහැකිව කඩා වැටුණු බව සඳහා DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා පැවසීය. TV දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. ‘ලෝක වෙළෙඳපොළ ජයගත හැකි නව ව්‍යාපාරික පංතියක් අවශ්‍ය කර තිබේ‘ යන්න තේමා කර ගනිමින් මෙවර…

(0)Comments | September 27, 2016 8:14 am

ඕස්ට්‍රේලියා වීසා ප්‍රතිපත්තියේ වෙනසක්

ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍යවරයා විසින් නව සංක්‍රමණික වීසා ක්‍රමයක් පසුගියදා නිවේදනය කරන ලදී. මේ අනුව දැනට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සියින තැනැත්තන් හට සිය මව්පියන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන අතර වසර 5 ක තාවකාලික අනුග්‍රාහකත්ව පදනම මත ඔවුන් හට වීසා ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත. ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍ය Alex Hawke පවසන්නේ තම රජයේ…

(0)Comments | September 27, 2016 5:41 am

රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති දියුණු කරනවා – මුදල් අමාත්‍ය රවී කරුණානායක

යෝජිත රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රමවේදය ඉදිරියේදී රටට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගන්නා බවත්, ඒ තුලින් විදේශ ආයෝජකයන් රටට ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු, මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, විදේශ හා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට භාරදීමෙන් රජයේ ප්‍රාග්ධන වියදම්…

(0)Comments | September 27, 2016 4:20 am

මුදල් ප්‍රතිපත්ති විවරණය බදාදා උදේට කල් යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය සැප්තැම්බර් 28, එනම් ලබන බදාදා දින උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව දන්වා සිටී. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කියා සිටියේ 2016 සැප්තැම්බර් 27 වන දින සවස 6.00 ට සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති…

(0)Comments | September 26, 2016 10:12 am

හැව්ලොක් සිටි ඉදිරි ආයෝජනයට රුපියල් බිලියන 7 ක හිමිකම් නිකුතුවක්

කොළඹ නගරයේ සිදුකෙරෙන තවත් එක් දැවැන්ත මිශ්‍ර ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීමට සමාගම තීරණය කර තිබේ. හැව්ලොක් සිටි ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන සමාගම වනුයේ ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීඑල්සී සමාගමයි. මේ අනුව දැනට සමාගමේ තිබෙන සෑම සාමාන්‍ය කොටස් 5 කටම සාමාන්‍ය කොටස් 2 ක් වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව සිදුකිරීමට…

(0)Comments | September 26, 2016 8:38 am