‘Cinnamon Life’ දෙවැනි නේවාසික ගොඩනැගිල්ල ‘The Suites at Cinnamon Life’ දියත් කෙරේ

    September, 28, 2016

    මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ ආරම්භ වූ සුවිශේෂීම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ දෙවැනි නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වෝටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පුද්) සමාගම [Waterfront Properties (Private) Limited] නිවේදනය කළේය. ‘The Suites at Cinnamon Life’ ලෙස නම්කර ඇති මෙය වර්ග අඩි මිලියන 4.5 ක ප‍්‍රමාණයකින් යුක්ත වනු ඇත. වෝටර්ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් සමාගම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි.

    මෙය දියත් කරන අවස්ථාව වන විට ‘The Suites at Cinnamon Life’ හි පෙර-වෙන්කරවාගැනීම් 15% ඉක්මවා තිබූ තර, පළමු නේවාසික ගොඩනැගිල්ලෙහි 50% කට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් අලෙවි වී අවසන් වී ඇත.

    හ්යුන්ඩායි ඉංජිනියරින් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන් (Hyundai Engineering and Construction) සමාගම මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන අතර ඇමරිකානු ඩොලර් මිලියන 850 කට අධික ආයෝජනයකින් යුතුව ඉදිකෙරෙන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මේ දක්වා මෙරට පෞද්ගලික අංශයේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන විශාලතම කේවල ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකේ.

    මීටර 136 ක් උසකට නැගෙන මෙම දෙවැනි නේවාසික ගොඩනැගිල්ල මහල් 39 කින් සහ සුඛෝපභෝගී නිවාස 196 කින් සමන්විත වනු ඇත. ඊට අමතරව පිහිනුම් තටාකයක්, නවීන කාය වර්ධන මධ්‍යස්ථානයක්, ස්ටීම් සහ සෝනා කාමර ඇතුළුව නවීනතම පහසුකම් සහ අලංකාර පරිසරයක් සහිතව මෙය නිර්මාණය කෙරේ.

    ”නිදන කාමර දෙකේ නිවාස 192 ක් සහ Penthouse වර්ගයේ නිවාස 4 ක් ඇතුළත් ‘The Suites at Cinnamon Life’ ව්‍යාපෘතිය මෙසේ ආරම්භ කිරීමට ලැබීම අපට විශාල සතුටක්.‘The Residence at Cinnamon Life’ නමින් ආරම්භ කළ පළමු ගොඩනැගිල්ල පෙන්නුම් කළ විශාල සාර්ථකත්වය නිසා මෙසේ දෙවෙනි ගොඩනැගිල්ලේත් ඉදිකිරීම් ආරම්භ කරන්නට අප තීරණය කළා. දැනටමත් මෙයින් නිවාස වෙන්කරවා ගැනීම සඳහා ජනතාව අතර ඇත්තේ විශාල උනන්දුවක්. මේ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ට මෙන්ම ආයෝජකයන්ටත් පැහැදිලි ප‍්‍රතිලාභ ගෙනදෙන ව්‍යාපෘති වීම ඊට එක් හේතුවක් කියා අප සිතනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශයේ ප‍්‍රධාන අලෙවි නිලධාරී සහ විධායක උප සභාපති රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය පැවසුවා ය.

    කොළඹ නගරය මධ්‍යයේ ජලාශයකට මුහුණලා ඉදිවන ‘Cinnamon Life’ ව්‍යාපෘතිය මෙරට වාණිජ අගනගරයේ වඩාත්ම කැපීපෙනෙන ඉදිකිරීම් අතරින් එකක් බවට ඉක්මනින්ම පත්වනු ඇත. ‘Life Capital’ සංකල්පයක් මත පදනම් වී ඇති මෙය කාමර 800 ක සුඛෝපභෝගී Cinnamon හෝටලය, විනෝදාස්වාදය සඳහා වෙන්වූ අංග, සුඛෝපභෝගී නිවාස, අතිනවීන කාර්යාල ගොඩනැගිලි, සුපිරි සාප්පු සංකීර්ණ, ආපනශාලා, උත්සව ශාලා සහ රංගශාලා වැනි විශේෂාංග රැුසකින් සමන්විත වනු ඇති අතර සංචාරකයන් 5,000 ක් සඳහා එහි එකවර ඉඩ පහසුකම් සැලසෙනු ඇත.

    නව ගොඩනැගිල්ල දියත් කිරීමට සමගාමීව, නව නිවාසවලට ඇතුළත් වන අංග දැකබලාගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් ‘Cinnamon Life Show Apartment’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. මේ සියල්ල සමගින් පාරිභෝගිකයන් සහ ආයෝජකයන් වෙතින් ව්‍යාපෘතිය සඳහා පළවන උනන්දුව දිනෙන් දින ඉහළ යමින් පවතී.

    ‘Cinnamon Life’ ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලෝ ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කලා ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු වන Cecil Balmond මහතා ය. ලන්ඩනයේ ArcelorMittal Orbit සහ චීනයේ ක්‍ක්‍ඔඪ ගොඩනැගිල්ල වැනි නිර්මාණ ඒ මහතාගේ ලෝ ප‍්‍රකට නිර්මාණ අතර ප‍්‍රධාන තැනක් ගනී.

    ජෝන් කීල්ස් සමූහයේ දේපළ වෙළඳාම් අංශය මේ වනවිට Crescat City හි Monarch and Emperor, Onthree20 සහ ග්‍රෙගරි පාරේ 7th Sense වැනි ව්‍යපෘති රැසක් අති සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත.