CIFL ගැන අවසාන තීන්දුවක් තවම නැහැ – මහ බැංකු අධිපති

    September, 29, 2016

    අර්බුදයට ලක්ව තිබෙන CIFL මූල්‍ය සමාගම සම්බන්ධයෙන් අවසන් තීරණයකට මේ දක්වා පැමිණ නැති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (28) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, විදෙස් සමාගමකට මුළුමනින්ම මෙලෙස මෙරට මූල්‍ය සමාගමක් මිල දී ගැනීමට හැකියාවක් තිබෙන බවත්, ඔවුන් ඒ සඳහා අරමුදල් සපයා ගන්නා මාර්ග මොනවාද යන්න පිළිබඳව මහ බැංකුව විමසිලිමත් වන බවත්ය.

    CIFL සමාගම විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජර්මනියේ Vandell Financial Services SA හි නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණි මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවයි. මෙම ජර්මන් නියෝජිත පිරිසට, හිටපු ජර්මාන් පාර්ලිමේන්තු සභිකයින් වූ Joachim Spatz හා Hekga Gabriele Molitor, නීතිඥ Volker Fehrensen, ශ්‍රී ලංකාවේ ජන්මලාභී මූල්‍ය උපදේශකවරයෙකු වන Prince David Yogeesen හා මූල්‍ය වෘත්තිකයෙකු වන Abdul Cader Mohamed Ibrahim අයත් වූ බව CIFL සමාගම වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබිණි.