ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිත්‍යාගශීලී ජනතාවක් – මහේල කියයි VIDEO

    October, 10, 2016

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පිළිකාර ප්‍රතිකාර ඒකකයක් ලබා දීමේ අරමුණින් ගමන් ගන්නා Trail පා ගමන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

    මෙම ව්‍යාපෘතිය යටතේ පළමු පා ගමන 2011 වසරේ දී ආරම්භ වූ අතර යාපනය තෙලිප්පලෙයි පිළිකා ප්‍රතිකාර රෝහල ඉදිකිරීම වෙනුවෙන් එය ක්‍රියාවට නැංවිණි. එම පළමු ව්‍යාපෘතිය සාර්ථ්කත්වයට පත් වීමෙන් අනතුරුව ආරම්භ වී තිබෙන මෙම දෙවන Trail පා ගමනින් ඩොලර් බිලියන 5 ක අරමුදලක් එක් රැස් කර ගැනීමට බලාපොරොත්තු වේ.

    මේ පිළිබඳ අදහස් දැක්වීමට Trail හි සන්නාම තානාපතිවරයෙකු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ මෙම වැඩසටහනේ නිර්මාතෘවරයෙකු වන සරින්ද උනම්බුව අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය. මහේල සහ සරින්ද එහිදී දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=jna9v4w00b0

    පිළිකාවට එරෙහිව සමස්ත ශ‍්‍රී ලංකාවම ගෙනයන සටනට උරදීමක් වශයෙන් නාදන් සිවගනනාදන් සහ සරින්ද උනම්බුව යන මහත්වරුන් සහ Colors of Courage භාරය විසින් 2011 වසරේදී Trail වැඩසටහන ආරම්භ කරන ලදී. පසුගිය ඔක්තෝබර් 06 වන දින පේදුරු තුඩුවෙන් ආරම්භ වූ මෙම පා ගමන දින 28 ක කාලයකින් අනතුරුව දේවුන්දර තුඩුව දක්වා පැමිණීමට නියමිතය.