Top News

භාණ්ඩාගාර බිල්පත් පොළිය පහළට

ඊයේ (දෙසැම්බර් 02) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙන අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි. ඊයේ වෙන්දේසිය සඳහා දින 91, 182 හා 364 පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 2,000 බැගින්…

(0)Comments | December 3, 2015 7:27 am

‘අනන්තාරා පීස් හේවන් තංගල්ල රිසෝට්‘ අමුත්තන් පිළිගැනීමට සූදානම්

සුඛෝපභෝගී ආගන්තුක සත්කාරකත්ව ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින ලොව ප්‍රමුඛ පෙළේ සන්නම් නාමයක් වන —‘අනන්තාරා‘ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම උදෙසා අත්වැල් බැඳගත් හේමාස් හෝල්ඩින්ග්ස් සහ මයිනර් හෝටල් සමූහය (Minor Hotels Group) මෙරට පළමු අනන්තාරා නිකේතනය වන අනන්තාරා පීස් හේවන් තංගල්ල නිකේතනය (Anantara Peace Haven Tangalle Resort) තංගල්ලේදී විවෘත වන බව අභිමානයෙන් නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ…

(0)Comments | December 3, 2015 6:04 am

චයිනා මර්චන්ට්ස් සමූහයේ පුණ්‍ය පදනම වෙතින් අක්ෂිපටල ශල්‍යකර්ම වැඩසටහනක් සඳහා ලංකාවට රුපියල් මිලියන 8 ක අනුග්‍රාහකත්වයක්

නොමිලේ අක්ෂිපටල ශල්‍ය කර්ම 150 ක් සිදුකරන C Blue Restore Sight වැඩසටහන වෙනුවෙන් අක්ෂිවේදීන්ගේ සංගමය සමග අත්වැල් බැඳගනී ශ්‍රී ලංකාවේ තුන්වන බහාලූම් පර්යන්තය වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ (CICT) ප්‍රධාන කොටස්කාර සමාගම වන චයිනා මර්චන්ට්ස් ගෘෘප් (CMG) සමූහය විසින් නව ප්‍රජා සත්කාරක වැඩසටහනක් මගින් ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකුට පෙනීම වර්ධනය කර ගැනීමට උපකාර කරන බව…

(0)Comments | December 3, 2015 4:28 am

30 වෙනි සංවත්සරය දා කොළඹ කොටස් 32 කින් බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,862.79 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 32.40 (0.47%) ක පහළ යාමකි. S&P SL20 දර්ශකය ද ඒකක 13.59 (0.37%) කින් පහත වැටුණු අතර දිනය අවසානයේ දී එම අගය දැක්වුණේ ඒකක 3,637.75 ක් ලෙසිනි. අද දින මිල…

(0)Comments | December 2, 2015 1:05 pm

රජයේ සමාගම් ලබන වසරේ දී ලැයිස්තුගත කරනවා – අගමැති කොටස් වෙළෙඳපොළේ දී කියයි

වසර 2030 වන ලොව ඉහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් බවට පත්වන්නට අපට හැකි බවත් ඒ සඳහා අපහසු වුවත් 9% ක ආර්ථික වර්ධන වේගයක් කරා ශ්‍රී ලංකාවට යා හැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවා වසර 30 ක් පිරීම නිමිත්තෙන් අද උදෑසන එහි පැවති උත්සව අවස්ථාවක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ…

(0)Comments | December 2, 2015 8:07 am

චෙන්නායි යන ශ්‍රීලංකන් ගුවන්ගමන් ඇන හිටී

හෙට (3) දිනයේ දී චෙන්නායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබෙන UL121, UL127, UL123 සහ UL125 ගුවන් ගමන් වාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි. දකුණු ඉන්දියානු කලාපයේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මේ වන විට චෙන්නායි ගුවන් තොටුපළ ගංවතුර තර්ජනයට මුහුණ දී තිබේ. හැකි ඉක්මනින් මෙම ගුවන් ගමන් වාර යළි…

(0)Comments | December 2, 2015 8:05 am

CIMA-LMD සම්මාන රාත්‍රියේ දී හේලීස් අංක එකේ ලැයිස්තුගත සමාගම බවට පත්වෙයි

වසරේ විශිෂ්ටතම ලැයිස්තුගත සමාගම් 20 එළිදැක්වීමේ අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාව ඊයේ සන්ධ්‍යාවේ කොළඹ දී පැවැත්විණි. LMD හා CIMA එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී හේලීස් පීඑල්සී ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම බවට සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී අදාළ සම්මානය, ලංකා වාණිජ මණ්ඩල සභාපති සමන්ත රණතුංග මහතා අතින් හේලීස් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා…

(0)Comments | December 2, 2015 6:00 am

කොමර්ෂල් බැංකුව ණයකර නිකුතුවකට සැරසයි

රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා ලැයිස්තුගත, අනාරක්ෂිත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි, යටත් කළ හැකි, ණයකර නිකුතුවක් කිරීමට කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (30) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දීය. මේ අනුව රුපියල් බිලියන 5 ක වටිනාකමකින් යුතු ණයකර මුල් අදියරේ දී නිකුත් කරනු ලබන අතර…

(0)Comments | December 1, 2015 9:12 am

කොටස් තැරැව්කාර සමාගම් ඒකාබද්ධ කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළ කොටස් තැරැව්කරණයේ යෙදෙන සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කර තිබේ. කොටස් වෙළෙඳපොළේ අස්ථාවරත්වයන් හේතුවෙන් කොටස් තැරැව්කරුවන්ට සැලකිය යුතු තරම් අර්බුදවලට මුහුණපෑමට සිදුවී තිබෙන බවත්, ප්‍රාග්ධන වෙළෙඳපොළේ දිගුකාලීන දියුණුව තහවුරු කිරීම සඳහා කොටස් තැරැව්කරුවන් ඔවුන් විසින්ම ස්ථාවර වීම අතිශයින් වැදගත් බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කර…

(0)Comments | December 1, 2015 7:45 am

මිලියන හයදාහක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට දිනයේ දී රුපියල් මිලියන 6,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන්ගෙන් යුතු බිල්පත් 2,000 බැගින් නිකුත් කිරීමට නියමිතය.

(0)Comments | December 1, 2015 7:42 am