Top News

ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහි ඉංජිනේරුවෝ අවි අමෝරති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහි වීමට ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය ඒකාබද්ධව තම සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අද (20) සවස 4.00 ට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දී සංවිධානය කර ඇත. මෙහිදී ශ්‍රී…

(0)Comments | January 20, 2016 8:10 am

භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් ඉහළට

අද (20) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ. මේ අනුව දින 182 – 7.06% සිට 7.19% දක්වා ද, දින 364 – 7.48% සිට 7.80% දක්වා ද වැඩි වී ඇත. මෙවර වෙන්දේසිය සඳහා දින 91 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර නැත. මෙහිදී ලැබුණු ලංසුවලින් දින 182 සඳහා රු. මිලියන…

(0)Comments | January 20, 2016 8:08 am

කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ලංකාවේ විවෘත වේ

කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් එකඟතවක් මත කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ දී විවෘත විය. ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් රැසක් සඳහා ආධාර සහ ණය පහසුකම් ලබා දෙන කොරියානු එක්සිම් බැංකුව ඉදිරියේදී දෙරට අතර ආනයන අපනයන අවස්ථා…

(0)Comments | January 20, 2016 8:08 am

ලංකාවේ ඖෂධ කර්මාන්තයට ඩෙන්මාර්කයේ ඇස යොමුවෙයි

ඩෙන්මාර්ක් ව්‍යාපාරික කණ්ඩායමක් මෙරට ආයෝජනය සඳහා සිය අවධානය යොමු කර ඇති බව, ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටර්ක්සෝ ජෙන්සන් මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය වෙත ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වී අැති බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ…

(0)Comments | January 20, 2016 8:04 am

ලෝක ධනයෙන් භාගයක්ම 62 දෙනෙකුගේ අතේ

මේ වන ලොව ලොව සිටින ධනවත්ම පුද්ගලයින් 62 දෙනාගේ ධනය සෙසු ලෝක ජනගහනයට වඩා වැඩි බව ඔක්ස්ෆෑම් ජාත්‍යන්තරය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පසුගිය වසර 5ක කාලය තුළ දී ලෝක ධනයෙන් අඩකට හිමිකම් කියූ පුද්ගලයින් සංඛ්‍යාව 388 සිට 62 දක්වා අඩු වී ඇති බව එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ‘සියයට 1 ක්…

(0)Comments | January 20, 2016 4:47 am

ඉන්දු ලංකා ගිවිසුමට නාවුක හා IT පමණයි – ඇමති මලික් කියයි VIDEO

යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරනුයේ සේවා අංශ දෙකක් වෙත පමණක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. එනම් නැව් නිෂ්පාදනය ඇතුළු නාවුක සේවා හා තොරතුරු තාක්ෂණ සේවා අංශ දෙක පමණක් බවයි. එසේම මෙම ගිවිසුම සඳහා කිසිසේත්ම වෛද්‍ය ක්ෂේත්‍රය හෝ නීති ක්ෂේත්‍රය අන්තර්ගත නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය…

(0)Comments | January 19, 2016 10:02 am

ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ, පළමු පාලක මණ්ඩල රැස්වීමට මුදල් ඇමති එක්වෙයි

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, පළමු පාලක මණ්ඩල රැස්වීම, පසුගිය 16 දින චීන ජනාධිපති, Xi Jinping මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බීජිං නුවරදී ආරම්භ විය. මෙම රැස්වීමේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාය. ඊයේ (18) අවසන් වූ AIIB හෙවත් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ පළමු පාලක මණ්ඩල රැස්වීමට, එම බැංකුවේ සාමාජික…

(0)Comments | January 19, 2016 8:09 am

සංචාරක ප්‍රවර්ධනයට දකුණු කොරියානුවන් ඉලක්ක කෙරේ

තෝරා ගත් රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් සංචාරකත ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අවධානය යොමුව තිබේ. මේ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මහජන සම්බන්ධතා අංශය විසින් මෙලෙස තෝරා ගන්නා රටවල ඉහළ පෙළේ ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙරටට ගෙන්වා ඔවුන් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවර්ධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වේ. මෙහි පළමු පියවර වශයෙන් දකුණු කොරියාවේ…

(0)Comments | January 19, 2016 7:29 am

සංවර්ධන බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් මිලියන 255 ක් රැස් කෙරේ

2016 ජනවාරි 11 සිට 18 දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව ඊයේ නිමා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙහිදී වසර 1 ක පරිණත කාලයකින් යුතු බැඳුම්කර සඳහා පාවෙන පොළී අනුපාතිකයන් යටතේ ඩොලර් මිලියන 240.5 ක ලංසු ලැබී තිබෙන අතර එයින් ඩොලර් මිලියන 233 ක ලංසු භාර ගෙන තිබේ. මීට…

(0)Comments | January 19, 2016 3:45 am

ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණයට චිලී දේශයෙන් එයි

ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගනිමින් ඉන්දියාව ඇතුළු සෙසු ආසියාතික රටවලට අපනයන සිදුකිරීමේ ප්‍රස්ථාවන් සොයා බැලීමට නවදිල්ලියේ වෙසෙන චිලී තානාපති වන ඇන්ඩ්‍රෙස් බාබ් කටයුතු කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබේ. “චිලී සිට ඉන්දියාව දක්වා නෞකාවක් පැමිණීමට දින 60 ක් පමණ ගතවෙනවා. ඇත්තවශයෙන්ම එය අධික පිරිවැයක් මෙන්ම කාලය කා දැමීමක් ද වෙනවා.“ පසුගිය සතියේ…

(0)Comments | January 19, 2016 3:20 am