ලංකා සිමෙන්ති සමාගමේ නව සභාපතිවරයා ලෙස කුරුපනාව ගමගේ ලීලානන්ද මහතාව රජය විසින් පත්කර තිබෙන අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත්කර ඇත. මේ අනුව, මොහොමඩ් රියාස් සාලි මහතා, වික්‍රමසූරිය දිසානායකලාගේ ජනක කරුණාරත්න මහතා සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ. රජය සඳහන් කරන්නේ මොහොමඩ් රියාස් සාලි මහතා අධ්‍යක්ෂ ධූරයට අමතරව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත්කර තිබෙන බවයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා (විධායක නොවන, ස්වාධීන නොවන) ලෙස රජය විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කර තිබෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තවත් සාමාජිකයින් සිව් දෙනෙකු පත්කර තිබේ. මේ අනුව, මයිකල් ප්‍රදීප් අමිර්තනායගම් මහතා විධායක නොවන ස්වාධීන නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා විධායක සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර…
කොළඹ හිල්ටන් හෝටලය අයත් වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමට මුදල් අමාත්‍යංශය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. මේ අනුව, මෙම සමාගමේ නව සභාපතිනිය ලෙස සහ විධායක නොවන අධ්‍යක්ෂ තනතුරකට ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා නීලමනී කුමාරි දෙල්ගොඩ මහත්මිය…
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීම් වලට අදාළ රෙගුලාසිවල ගාස්තු සඳහා බලපැවැත්වෙන 11 වන අංශය (Section 11) වෙනස් කර තිබේ. සමාගම් විසින් සුරැකුම් පත් ලයිස්තුගත කිරීමේදී මෙම ගාස්තු අනිවාර්යෙන්ම ගෙවිය යුතු අතර නව ගාස්තු සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අනුමත කර තිබේ. 11 වන අංශය (Section 11) වෙනස් කර තිබෙන්නේ මෙසේයි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නම සහ විනිමය කොමිසමේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වජිර විජේගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යවා තිබෙන බවත් අනාවරණය වේ. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්…
චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් ලෝක ආර්ථිකයට ඉදිරියටත් නායකත්වය ලබාදෙන්නේ ඇමරිකාව යැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AmCham- American Chamber of Commerce in Sri Lanka (AmCham) luncheon) විසින් ඊයේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී පැවැත්වූ “The Prime Minister Speaks“ නැමති රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ…
ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා දෙල්ගොඩ මහත්මිය කොළඹ හිල්ටන් හෝටලය අයත්වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ සභාපතිනිය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ. මීට පෙර මෙම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ තිරුකුමාර් නඩේසන් මහතායි. රවී කරුණානායක…
දේශීය වෙළඳ පොළේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් අලෙවිකර රජය සපයා ගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය ගත් උත්සාහය අසාර්ථක වීම හමුවේ භාණ්ඩාගාර බිල්පත් වලට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරමින් රජය ණය සම්පාදනය කර ගැනීමට යොමුවිය හැකිබව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි. භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට වසරක් හෝ වසරකට අඩු කාලයක් යන…
ආණ්ඩුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා රුපියල් බිලියන 400 ක අමතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට අවසර ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් සහ විපක්ෂව ඡන්ද 52 ක් ලැබුණු බවයි….
පසුගිය ජනවාරි මාසයේ සිට නව රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය දැවැන්තව වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. නව රජයේ අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඛනිජ තෙල් මිල අඩුකිරීම නිසා රජයේ වියදම් වැඩිවී රජයේ ආදායම්වල අඩුවීමක් සිදුවිය….
Video Story