Top News

ලිහිසිතෙල් වෙළෙඳපොළ විවෘත කිරීමට පියවර

වර්තමානයේ දී සීමිත සමාගම් සංඛ්‍යාවකගේ අණසකට ලක්ව ඇති මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව නව අගය එක්කළ නිෂ්පාදිත හඳුන්වාදීම ඉලක්ක කරගනිමින් මෙරට ලිහිසිතෙල් කර්මාන්තය තුළ විශාල ආයෝජන දිරිගැන්වීමට කටයුතු යොදනු ලැබේ. එසේම ආයෝජන මණ්ඩල සෘණ ලැයිස්තුවෙන් ලිහිසිතෙල් සමාගම් ඉවත් කිරීමට ද යෝජනා කර ඇත. මේ කරුණු සදහන් වූයේ…

(0)Comments | November 22, 2015 4:03 am

කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි

බදු ක්‍රමය සරල කිරීමේ අරමුණු ඇතිව බදු වර්ග කිහිපයක් ඉවත් කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ අනුව කොටස් ගනුදෙනු සඳහා මෙතෙක් අය කරන ලද එක් ගනුදෙනුවක් සඳහා වූ 0.3% බද්ද ඉවත් කර තිබේ. මීට අමතරව ඉදිකිරීම් කර්මාන්ත ඇපකර අරමුදල් බදු, සුඛෝපභොගී හා අර්ධ සුඛෝපභෝගී වාහන බදු, සංචාරක සංවර්ධන බදු හා සංස්ථාපිත ආදායම් බදු යන…

(0)Comments | November 20, 2015 1:01 pm

පැකර් ගේ කැසිනෝ ඉඩමේ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක්

දකුණු ආසියානු කලාපය තුළ භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙසින් ස්ථානගත වීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී කියා සිටියේය. වර්ග අඩි තුන්ලක්ෂයක ඉඩක් මේ සඳහා තිබෙන බවත්, වාණිජ ආරවුල් ඉතා කෙටි කාලයක් තුළ දී විසඳීම සඳහා හැකිවන පරිදි වාණිජ අධිකරණයක් ද ඒ තුළ…

(0)Comments | November 20, 2015 11:47 am

සුපිරි ලාභ බදු යළිත් නැහැ

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන සමාගම්වලට බදු සහන ලබා දීමට පියවර ගනු ලබන බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. එසේම පසුගිය අතුරු අයවැයේ දී හඳුන්වා දෙන ලද සුපිරි ලාභ බද්ද (Super Gain Tax) ගෙවීම සඳහා පෙරමුණට පැමිණ රජයේ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් සමාගම් වෙත සිය ස්තුතිය පුද කර…

(0)Comments | November 20, 2015 10:59 am

ETF, EPF යොදා ගෙන ඇප නැතිව ණය දෙන ක්‍රමයක් රවී කියයි

ව්‍යාපාර ඇරඹීම සඳහා ඇප වශයෙන් තැබීමට වත්කම් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම් (equity financing facility) සැපයීමට අරමුදලක් පිහිටුවනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2016 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “යම් දීප්තිමත් අදහසක් ඇති ව්‍යාපාරිකයෙකුට සිය…

(0)Comments | November 20, 2015 10:20 am

රටේ සංවර්ධනයට පුද්ගලික ආයෝජන දිරිගැන්විය යුතුයි – මුදල් ඇමති

රටක සංවර්ධනයට මූලික වශයෙන් පුද්ගලික ආයෝජන දිරිගැන්විය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාව කරමින් මීට සුළු මොහොතකට පෙර අවධාරණය කර සිටියේය. 2001 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 24% ක්ව පැවති පුද්ගලික ආයෝජන මෑතකාලය වන විට 22 % මට්ටමට පහළ බැස ඇති බව පැවසූ අමාත්‍යවරයා, 2005 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන්…

(0)Comments | November 20, 2015 9:50 am

බදු පරිපාලනය ශක්තිමත් කිරීම අවශ්‍ය වී තිබෙනවා – මුදල් ඇමති කියයි

පසුගිය කාලය පුරාවට රටේ ජාතික ආදායම ඉහළ ගිය ද ඊට සමගාමීව ප්‍රමාණවත් පරිදි බදු ආදායම ඉහළ ගොස් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ නව රජයේ මංගල අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මෙහිදී බදුගෙවිය යුතු හා බදු ගෙවිය හැකි බොහෝ පිරිසක් එය මග හරිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, මේ තත්ත්වය…

(0)Comments | November 20, 2015 9:33 am

ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ගුවන් සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තබා තිබේ. නිලධාරී මට්ටමින් අත්සන් තබා ඇති මෙම ගුවන් සේවා ගිවිසුම ඉදිරියේ දී බලයලත් නියෝජිතයකු විසින් අත්සන් තැබීමෙන් පසුව බලාත්මක කිරීමට නියමිතය. මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය හේතු කොට ගෙන වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස අනෙකුත් රටවල් සමඟ ගුවන්…

(0)Comments | November 20, 2015 5:42 am

නව රජයේ පළමු අයවැය අදයි

2016 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. මේ අනුව අද පස්වරු 2.00 ට 2016 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අයවැය දෙවන වර කියවීමෙන් පසු, විවාදය නොවැම්බර් 21 දින සිට පුරා දින 9 ක් පැවැත්වේ. 2016 අයවැය දෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීම දෙසැම්බර් 02 වන දින පැවැත්වීමට…

(0)Comments | November 20, 2015 4:57 am

ඇමරිකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ඉතා අභියෝගාත්මක පසුබිමක බවත්, මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව හා චීනය වැනි දැවැන්ත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් සමඟින් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙරෙහි යොමු විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා පැවති බිස්නස් ටුඩේ ටොප්…

(0)Comments | November 19, 2015 10:57 am