ජාතික සංවර්ධන බැංකුව විසින් සෙලාන් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 14.8 ක් හෙවත් බැංකුවේ නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් සියයට 8.45 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබේ. මෙම කොටස් මිලදීගැනීමත් සමග ජාතික සංවර්ධන බැංකු සමූහයට සෙලාන් බැංකුවේ කොටස් මිලියන 16.7 ක් අයත් වන අතර එය බැංකුව විසින් නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය…
ඉදිකිරීම් අත්හිටුවා තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව සුහද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදුකිරීමට චීන අග්‍රාමාත්‍ය Li Keqiang තීරණය කර තිබෙන බවත් මෙම සාකච්ඡාව මේ මාසය අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනයට ගිය විට සිදුකරනු ඇති බවත් ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වෙතින් අප වෙත අනාවරණය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරයේදී…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි නැගෙන චෝදනා හමුවේ පරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සේවයට වාර්තා නොකරන බව අග්‍රාමාත්‍යවරයා කියයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. මේ අතර, විපක්ෂය සඳහන් කළේ මෙම බැඳුම්කර නිකුතුව…
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බොහෝ කාලයත් හිතෛෂීව කටයුතු කරන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කර තිබේ. බැංකුව විසින් කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ෂිල්හාන් රහ්මාන් මහතාට වෙළඳ අංශයේ වසර 29 ක පළපුරුද්දක් තිබෙන බවත් ඔහු ප්‍රමුඛතම සමාගම්වල ආනයන සහ අපනයන කළමනාකරුවෙකු ලෙසද සේවය…
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ගණකාධිකාරීවරයෙකු වන ප්‍රයිම් ග්‍රාමීන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ රුවන් ප්‍රීති කුමාර ගාල්ලගේ මහතා පත්කර තිබෙන අතර ඔහු විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත්කර තිබේ. ඔහුට අමතරව, නීතිඥයෙකු වන සඳුන් සුදත්ත ගමගේ මහතා විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන අතර ඒෂියා සෙකියුරිටීස් සමාගමේ භාණ්ඩාගාර ප්‍රධානී අජිත්…
කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් චීනයට සින්නක්කරයටම ඉඩම් ලබාදුන්නොත් එයින් දිගුකාලීන ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්විය නොහැකි බව නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අනතුරු හඟවයි. කොළඹ නැව්ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ (Shippers’ Academy Colombo (SAC)) ප්‍රධාන විධායක නිළධාරී රොහාන් මාසකෝරාළ මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අවධාරණය කළේය. මීට අමතරව, ඔහු සඳහන් කළේ හම්බන්තොට වරාය ගොඩගත හැකි ව්‍යාපෘතියක් වුවත්…
ලංකා වාණිජ මණ්ඩලයේ සංවිධානයෙන් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන ව්‍යාපාරික සමුළුව සඳහා සහභාගී වීමට නියමිත ඉන්දීය ව්‍යාපාරික නායකයින් මෙසේයි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පස්වරුවේ කොළඹදී පවත්වන ව්‍යාපාරික සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ සඳහා සහභාගී වීමට ඉන්දීය ව්‍යාපාරික නායකයින් කණ්ඩායමක් මේ වනවිට මෙරටට පැමිණ තිබේ. මෙම ව්‍යාපාරික සමුළුව අද පස්වරු 5.00 ට කොළඹදී ආරම්භ වන අතර ඉන්දීය ව්‍යාපාරික නායකයින් ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර…
වාහන ආනයනය කිරීමේදී භාවිතා කළ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කරමින් අළුත් වාහන (Brand New) ආනයනය කිරීමේදී අයකරන බදු අනුපාතයන්ම පාවිච්චි කළ වාහන ආනයනය කිරීමේදීත් අය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිප දෙනෙකු අභියාචනාධිකරණට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. මෙම පැමිණිල්ලට අද විභාගයට ගත් බවත් අභියාචනාධිකරණය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳගෙන් සහ හිටපු වරාය සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ බිරිඳගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව අප වෙත අනාවරණය වේ. මෙම ප්‍රකාශය සටහන් කරගන්නේ මුදල් විශුද්ධිකරණ පනතට (Money Laundering Act) අදාළව බව වැඩිදුරටත් හෙළිවේ.
Video Story