ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී විසින් මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා යොමු කර තිබූ අයදුම්පත සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමිව තිබේ. මෙහිදී රු. 15.00 බැගින් කොටස් මිලියන 71.5 ක් මහජනයා වෙත නිකුත් කෙරෙනු ඇත. 2016 ජනවාරි 25 වන දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත වන අතර කෙනන්ගා ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් ලිමිටඩ්, නිකුතුවේ කළමනාකරුවන් ලෙසින් කටයුතු කරනු ලබයි.
අද (06) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය සතියට සාපේක්ෂව ඉහළ පොළී අනුපාතිකයන් යටතේ ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී පරිණත කාලය දින 91 බිල්පත් පොළිය 6.45% සිට 6.59% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 6.83% සිට 6.93% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 7.3% සිට 7.42% දක්වා…
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය හෙවත්, TAL ලංකා හොටේල්ස් පීඑල්සී හි දෙවන විශාලතම කොටස්කරුවා වන ‘ද ඉන්දියන් හොටේල්ස් කම්පැනි ලිමිටඩ්‘ සිය හිමිකාරීත්වය අද (06) දිනයේ දී විකුණා දමනු ලැබීය. මෙම ගනුදෙනුවේ දී TAL ලංකා හොටේල්ස් පීඑල්සී කොටස් 34,375,640 ක් රු. 25.00 බැගින් මිලදී ගනු ලැබූයේ IHOCO BV නම් ආයතනය විසිනි. මෙය සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 24.62%…
ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමාගමක් වන කටාර් එයාර්වේස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල් බකර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණී කටාර් එයාර්වේස් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් මෙහිදී පවත්වා තිබේ. මේ සඳහා මුදල් අමාත්‍ය රවී…
ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්‍රියාවලිය පහසු කරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට අදාළව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක Single Window වැඩසටහනට ශ්‍රී ලංකාවට සම්බන්ධ කෙරේ. ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක රේගු සංවිධානය යටතේ පවතින ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව රේගු කටයුතු වඩාත් පහසු කරලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ අදහසකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා නවීන…
ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.08 ක් ලෙසත්, විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා විය. අද (06)…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (06) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී පරිණත කාලය දින 91 – මිලියන 4,000 ක්, දින 182 – මිලියන 6,000 ක් සහ දින 364 – මිලියන 8,000 ක් වශයෙන් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ. මේ අතර පසුගිය දෙසැම්බර් 30…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ ජනවාරි 07 සහ 08 දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වසර 2023 දී ශ්‍රී ලංකාවේ ආර්ථික සෞභාග්‍ය ලඟා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුම් මෙම සමුළුවේදී එළිදැක්වීමට නියමිතය. මේ සඳහා ජාත්‍යන්තර ආයෝජකයෙකු හා Open Society හි නිර්මාතෘ හා සභාපති ජෝර්ජ් සෝරෝස්,…
ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගනු ලැබූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්ස් හි කොටස් ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ. ඊයේ (ජනවාරිි 04)පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටියේ මෙම සමාගම තුළ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබුණු බවත්, සමාගම ප්‍රතිව්‍යූහත කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් මහ බැංකුවට දැනුම් දීමට තිබූ…
නේවාසික විදේශ විනිමය ගිණුම් (RFC) හා අනේවාසික විදේශ විනිමය ගිණුම් (NRFC) සම්බන්ධයෙන් මෙතෙක් පනවා තිබූ විනිමය පාලන නීතිරෙගුලාසි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගනෙ තිබේ. අද (ජනවාරි 04) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. මෙරට බැංකුවල තිබෙන RFC/…
Video Story