Top News

ලංකාවට පැමිණීමේදී යළිත් චීනය සහ ඉන්දියාව ඉදිරියෙන්

පසුගිය ජුනි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2014 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 12 කින් වර්ධනය වී සංචාරකයින් 115,467 ක් පැමිණ ඇත. මෙහිදී, චීනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ. මීට අමතරව, මේ වසරේ ජුනි දක්වා මාස 06 ක…

(0)Comments | July 6, 2015 6:07 am

දකුණු අධිවේගියේ අළුත්ම පිම්ම ඇරඹෙයි

දකුණු අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද උදෑසන නිළ වශයෙන් ආරම්භ කළේය. කිලෝ මීටර් 75 ක දිගකින් යුතු මෙම කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 45 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර මේ සඳහා ණය ලබාගන්නේ චීනයෙනි. මෙම කොටස, බෙලිඅත්ත, අන්දරවැව සහ මත්තල හරහා හම්බන්තොට වරාය…

(0)Comments | July 4, 2015 10:50 am

බැඳුම්කර ගනුදෙනුව ඇතුළත් වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයාට වගකීමක් තියනවා -ඩිව්

ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එහි අධිපතිවරයාට චෝදනා එල්ල වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් නිකුත් කර තිබෙන පිටු 447 කින් යුතු සවිස්තර වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අවධාරණය කළේය. අද කොළඹදී ඔහු පැවසුවේ…

(0)Comments | July 3, 2015 11:26 am

එතනෝල් වලට වැට බැඳීම හමුවේ සුරා බදු ආදායම් නගී

මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවකින් අනාවරණය වන්නේ මේ වසරේ මුල් මාස හතර තුළදී සුරා බදු (Excise duties) ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 49 කින් පමණ රුපියල් බිලියන 33.5 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මෙහිදී, සැර මත්පැන් අලෙවිය මගින් ලබාගත් ආදායම් සියයට 32 කින් වර්ධනය වී තිබෙන අතර මේ…

(0)Comments | July 3, 2015 10:01 am

ධම්මික, ලංකා ටයිල්ස් සම සභාපති වෙයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් සමාගමේ විධායක නොවන සම- සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 2015 ජූලි 01 වනදා සිට මෙම පත්වීම සිදුකර ඇත.

(0)Comments | July 3, 2015 6:41 am

චීනය යළි අවදිවෙයි. ලංකාවේ රැකියා ලක්ෂයක් තැනූ බව කියයි

චීනය විසින් ආධාර ලබාදුන් ව්‍යාපෘතිවල පසුගිය වසර පහක කාලය තුළදී ශ්‍රී ලාංකිකයින් 100,000 ක් පමණ සේවය කළබව ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (China Chamber of Commerce) ප්‍රකාශක Chen Chuan මහතා සඳහන් කර තිබේ. උදාහරණයක් ලෙස ඔහු පවසන්නේ උතුරේ A9 මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලාංකිකයින් 4500 ක් පමණ සේවය කළ බවත් එහි චීන ජාතිකයින් සේවය…

(0)Comments | July 3, 2015 4:57 am

ශ්‍රී ලංකන් මෙවරත් වලේ වැටෙයි

නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි. මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම…

(0)Comments | July 2, 2015 12:59 pm

නිවාස ව්‍යාපෘති සමාගමකට ඇක්සස් රුපියල් මිලියන 523 ක් ආයෝජනය කරයි

මාලඹේ අක්කර 12.5 ක ඉඩමක නිවාස සහ තට්ටු නිවාස ව්‍යාපෘතියක් සිදුකරන හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සහ හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රකට ඉදිකිරීමේ සමාගමක් වන ඇක්සස් හෝල්ඩින්ග්ස් රුපියල් මිලියන 523.3 ක මුදලක් ආයෝජනය කර ඇත. මේ අනුව, ඇක්සස් ඉංජිනියරිං සමාගම හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 100 ක සාමාන්‍ය…

(0)Comments | June 30, 2015 11:58 am

අග නගරයක් ලෙස මොරගහහේන සංවර්ධනය කිරීමට සැලසුමක්

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරගහහේන නගරය ශක්තිමත් වාණිජ උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව, බස් නැවතුම් පොළ, වෙළඳ පොළ, වෙළඳ සංකීර්ණය, සතිපොළ සහ පොදු ක්‍රීඩා පිටිය කඩිනමින් සංවර්ධනය කිරීමට අදහස් කර තිබේ. මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය හෙක්ටයාර 1.354 ක රජයට අයත් ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා…

(0)Comments | June 30, 2015 3:42 am

The Steuart by Citrus සුපිරි හෝටලය අමුත්තන්ට සූදානම් -Video

කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවූ නවතම ව්‍යාපාරික හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (26) පස්වරුවේ විවෘත කෙරුණි. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත තට්ටු 08 ක ව්‍යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ…

(0)Comments | June 27, 2015 9:13 am