ලංකා හොස්පිට්ල්ස් හි, නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කීනියාවල පාලිත හිමි, දිලානි ලොකුහෙට්ටි ඇතුළු 13 දෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද ලංකා හොස්පිට්ල්ස් සඳහා නම්කර තිබෙන බවත් ඉදිරි දින කිහිපයේදී එම අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළ හැකි බවයි. පසුගිය රජය සමයේ…
නව රජයේ අතුරු අයවැය මගින් පුද්ගලික අංශය මත පනවා තිබෙන ඇතැම් බදු අසාධාරණ බව පාත්ෆයින්ඩර් ආයතනය චෝදනා කරනවා. නව රජයේ අතුරු අයවැය සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමත් සමග ලංකාව හරහා ඉන්දියාවේ සහ මාලදිවයිනේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවීම වැඩිවී තිබෙන බව අනාවරණය වේ. අප වෙත අනාවරණය වන ආකාරයට ශ්‍රී ලංකාවේ ධජය සහිත යාත්‍රා අල්ලන මසුන් ශ්‍රී ලංකාවේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය. අගමැති අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ මහතා රැළි පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි අමාත්‍යවරයා මෙහිදී…
නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන විශාල බදු හේතුවෙන් එවැනි වාහනවල මිල විශාල ලෙස වැඩිවන තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබේ. මෙම බදු වලට විරෝධය දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ නිසා සිය කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග ලංකා…
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටීන් ලගාර්ඩ් (Christine Largarde) මහත්මිය සමග වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡා වලින් පසුව මූල්‍ය අරමුදලේ කළාපීය ප්‍රධානීයා ළඟදීම ලංකාවට පැමිණීමට සූදානම් වේ. මෙම සාකච්ඡා පිළිබඳව මුදල් අමාත්‍යවරයා සහ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ මෙම සාකච්ඡා සාර්ථක බවත් මෙහිදී ලංකාවේ ආර්ථික කරුණු…
කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී සමාගමට අනුබද්ධ කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් (CFC) සමාගමේ 8% ක කොටස් ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 2,550 ක මුදල් ආයෝජනය කිරීමට ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) ඉදිරිපත් වී තිබේ. මෙම ආයෝජනය මගින් බලාපොරොත්තු වන්නේ සමාගම විසින් සිදුකරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සහ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය වර්ධනය…
සිංහ හොස්පිට්ල්ස් ලිමිටඩ් සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙහිදී සාමාන්‍ය කොටස් මිලියන 100 ක් නිකුත් කිරීම මගින් රුපියල් මිලියන 250 ක් රැස්කර ගැනීමට සැලසුම් කර තිබේ. සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම නිකුතුවේදී එකක් රුපියල් 2.50 ක් වන සාමාන්‍යය ඡන්ද සහිත කොටස් මිලියන 100 ක් නිකුත් කරන බවයි. නිකුතුව…
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු වන බන්ග්සා ජයා (Bangsa Jayah) මහතා පත්කර තිබේ. ඔහු මෙම පත්වීම ලබා තිබෙන්නේ 2015 පෙබරවාරි 13 වනදා සිට බලපැවැත්වෙන පරිදිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස කීර්තිමත් ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කර ඇතැයි අප මීට පෙර වාර්තා කළේය. රක්ෂණ සංස්ථාව අයත් වන්නේ මුදල්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් විසින් කළමනාකරණය කළ අවධියේ එහි ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ සිවිල් ගුවන් සේවා අංශයේ ප්‍රවීණයෙකු වන පීටර් හිල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උපදේශකයෙකු ලෙස වසරක කාලයක් සඳහා බඳවාගෙන තිබේ. 2008 වසරේදී පීටර් හිල් මහතා ඕමාන් එයාර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා බවට පත්වූ අතර 2011 දෙසැම්බර් මාසයේදී ඔහු ඕමාන්…
Video Story