ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානියා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසීය. හේමක දේවප්‍රිය සෙනරත් අමරසූරිය මහතා ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ සමාරම්භක සභාපතිවරයා වන අතර පුද්ගලික සමාගම් ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව සුප්‍රකට ව්‍යාපාරික මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් සමග ඩොලර් මිලියන 02 ක් වැයවන ප්‍රවර්ධන වැඩසටහනක් කිරීමට ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති රොහාන්ත අතුකෝරළ මහතා කියයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වසරක කාලයක් සඳහායි. බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව රටවල් 40 කට වැඩි ගණනක විකාශය වන අතර ඒ…
කට කථාවන්ට සහ හැඟීම්වලට වහල් වී යාපනයේ භූගත ජලය දූෂණය වීමේ ප්‍රශ්නයට වැරදි විසදුම් ගතහොත් ප්‍රශ්නය තව තවත් උග්‍රවීමේ අවදානමක් පවතින බව උතුරට විදුලි බලය සපයන ‘නෝදර්න් පවර් (පෞද්) සමාගම’ හා එම සමාගමේ මව් සමාගම වන එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී. සමාගම කියයි. “පොදුවේ මෙරට පරිසරයටත් විශේෂයෙන් යාපනයේ භූගත ජල සම්පත සම්බන්ධයෙනුත් අප විසින් කිසිම හානියක් සිදුකර…
කොළඹ ජනාධිපති මන්දිරය අසල අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගොඩනැඟිලි හා අරලියගහ මන්දිරය අවට පිහිටි දැනට ආරක්ෂක අංශ භාරයේ පවතින ගොඩනැඟිලි නිදහස් කිරීමට රජය විසින් තීරණය කර තිබේ. මීට අමතරව, යුද සමයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බවත් පලාලි ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා…
අතුරු අයවැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු වෙනුවෙන් සියයට 15 ක පොලී අනුපාතයක් ලබාදීමට කර තිබෙන යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ලංකා බැංකුවේ නිළධාරීන් පිරිසකගේ සේවය අත්හිටවූ බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් එතෙක් මොවුන්ගේ සේවය අත්හිටුවීම කර තිබෙන බවයි.
ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් අතුරු අයවැයෙන් ලබාදුන් බදු සහනය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ යැයි තමා අනාවරණය කිරීමෙන් පසුව අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අද උදෑසන පැමිණ තමාව මුණගැසී සාකච්ඡා කළබව මුදල් අමාත්‍යවරයා පැවසීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනය මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයාට…
අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය…
ව්‍යාපාරික අදහස් තිබෙන අයට එම අදහස ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාදෙන ක්‍රමයක් ලෙස “වෙන්චර් කැපිටල්“ (Venture Capital) හඳුන්වාදිය හැකියි. ලංකාවේදීත් දැන් මෙම ක්‍රමයට ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාගත හැකියි. මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන “බ්ලූ ඕෂන් වෙන්චර්ස්“ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
ශ්‍රී ලංකාවේ නව අතුරු අයවැය මගින් අයවැ හිඟය සියයට 4.4 කට අඩු කිරීමට යෝජනා කර තිබුණත් වර්තන වියදම් (current spending) වැඩිවීම හේතුවෙන් උද්ධමනය සහ ආර්ථික අසමතුලිතතාවයන් වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබේ. මෙම අයවැයේ හිඟය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4.4 ක්…
රජයේ සේවකයින්ට තීරු බදු සහන යටතේ වාහන මිලදීගැනීම සඳහා ලබාදෙන බලපත්‍ර වසර හතරක් යනතෙක් පැවරිය නොහැකියැයි නව රජය විසින් තීරණය කර ඇතැයි අනාවරණය වේ. මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මෙම තීරණය ගෙන තිබෙන බවත් එයට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි. රජයේ සේවකයින්ට තීරුබදු සහන යටතේ ලබාදෙන වාහන බලපත්‍ර වෙනත් අයෙකුට පැවරිය හැකියැයි…
Video Story