Top News

ජයන්ත ධනපාලට, මෛත්‍රී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සම්බන්ධතා ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර ඇතැයි අනාවරණය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවිහරණ කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය මහලේකම් තනතුර දැරූ ජයන්ත ධනපාල මහතා, ඇමරි‍කාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ. මීට අමතරව, ඔහු කාර්ගීල්ස් සිලෝන් සමාගමේ සහ ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල…

(0)Comments | January 14, 2015 7:00 am

අපි කිව්වා හරියටම හරි! මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අප පසුගිය 10 වනදා වාර්තා කළේය. මේ වනවිට, අපට අනාවරණය වන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කර තිබෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති…

(0)Comments | January 13, 2015 5:48 pm

අළුත් ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය පැහැදිලි මදී -මූඩීස්

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ඇගයුම (credit worthiness) තීරණය වන්නේ නව රජය විසින් ඉදිරියේදී පවත්වාගෙන යාමට සමත්වන ආර්ථික වර්ධනය සහ රාජ්‍ය ණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව අනුව යැයි ප්‍රකට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ. නව ජනාධිපතිවරයා බලයට පැමිණ තිබෙන්නේ යහපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම, වංචාව හා දූෂණය වැලැක්වීම සහ…

(0)Comments | January 13, 2015 7:30 am

නව විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර

මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙස අද වැඩභාරගත් අතර විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිනියක වන චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය පත්කර ඇත. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් ඊයේ පත්කළේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතායි.

(0)Comments | January 13, 2015 6:44 am

රනිල්ට ප්‍රතිපත්ති සම්පාදනය. රවී කරුණානායකට මුදල්. මංගලට විදේශ කටයුතු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දින 100 ක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ගත් අමාත්‍ය මණ්ඩලය මෙන්න! 1 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන 2 – ජෝන් අමරතුංග – මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති 3 – ජොසෆ් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු ඇමති 4 – ගාමිණි ජයවික්‍රම පෙරේරා – ආහාර…

(0)Comments | January 12, 2015 2:26 pm

කොටස් වෙළඳ පොළට බදාදා නිවාඩුයි

කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු 14 වන බදාදා සිදු නොකරන බවත් එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළ කියයි. පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 14 වනදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

(0)Comments | January 12, 2015 10:20 am

මුදල් අමාත්‍යංශයට පී.බී. වෙනුවට සමරතුංග

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා ඛනිජ තෙල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටි ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද උදෑසන වැඩ භාරගන්නා ලදී. සමරතුංග මහතා පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය ලබා තිබෙන අතර පසුව Wisconsin-Madison හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ලබා තිබේ. ඔහු රාජ්‍ය සේවයේ වසර 25…

(0)Comments | January 12, 2015 4:53 am

ලංකාවේදී මෝඩිගේ ජැකට්ටුව, සල්මාන් ඛාන්ව පැරදුවා -ඉන්දීය මාධ්‍ය කියයි

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා මෙවර ඉන්දීය සාධකද වෙනදාට වඩා කරළියට පැමිණි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අඳින ආකාරයේ ජැකට්ටුව සහ සල්මාන් ඛාන් මෙම සාධක අතර පෙරමුණේ සිටි බවයි. කෙසේවෙතත්, මහින්ද රාජපක්ෂ රජයට ඡන්ද එකතු කිරීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට නොහැකි වූ බවත් ඉන්දීය අගමැතිවරයා අඳින ආකාරයේ ජැකට්ටුව හැඳි…

(0)Comments | January 11, 2015 3:51 am

මීළඟ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද ?

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අපට ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

(0)Comments | January 10, 2015 8:28 am

ගෝඨාභය, ලංකා හොස්පිට්ල්ස් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වේ

ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අමතරව, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

(0)Comments | January 9, 2015 3:19 pm