Top News

නොවැම්බර්යේ ලංකාවට පැමිණි ඉන්දියානුවන් හා චීනූන් වැඩිවෙයි

නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය 29,329 ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේ දී 48.4% ක ඉහළ යාමකි. මේ අතර 2015 නොවැම්බර් මාසය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 144,174 ක් ලෙසින් වාර්තා වේ. ඒ සමඟම මෙම වසරේ පළමු මාස…

(0)Comments | December 14, 2015 10:01 am

රුපියලේ බාල්දුවෙන් තෙල් මිල අඩුවීමේ වාසිය නැතිවෙයි?

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. ඊයේ දිනය වනවිට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35.62 දක්වා ද, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.93 දක්වා ද පහළ බැස තිබුණි. මේ අනුව 2003 වසරෙන් පසුව දක්නට ලැබුණු අඩුම බොරතෙල් මිල මට්ටම ලෙස මෙය වාර්තා වේ. 2003 නොවැම්බර් මාසයෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර්…

(0)Comments | December 14, 2015 5:45 am

සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කරන්න රජය තීරණය කරයි

2009 අංක 49 දරණ සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම පනතෙහි ඇතැම් විධිවිධාන බලාත්මක කිරීමේ දී පැනනඟින ගැටලු හේතුවෙන් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට අපහසු වී තිබීම මීට හේතුවයි. 2009 වසරේ දී මෙම පනත සම්මත කරගනු ලැබූවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ණය ලබාගැනීමේ දී සුරැකුම් ලෙස ඉදිරිපත් කළ…

(0)Comments | December 14, 2015 2:40 am

වාහන මිල අඩුකරන්නේ නැහැ – මුදල් ඇමති අවධාරණය කරයි

තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz වෙත ප්‍රකාශ කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවත් වාහන මිල අඩු…

(0)Comments | December 11, 2015 12:36 pm

මෙන්න තවත් බැඳුම්කර මගඩියක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකර ඇති ආයෝජනයක් සම්බන්ධ අක්‍රමිකතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසිනි. 2009 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් බිලියන 3 කට ආසන්න මුදලක් පුද්ගලික ආයතනයක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇත. එහෙත් 2014 දෙසැම්බර්…

(0)Comments | December 11, 2015 12:00 pm

මේ ගුවන්යානා කාගේද?

අයිතිකරුවන් නොමැති බෝයිංග් 747 වර්ගයේ ගුවන් යානා 3 ක් ක්වාලාලාම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගාල් කර තිබිය දී සොයා ගෙන තිබේ. මැලේසියානු ගුවන් බලධාරීන් මේ පිළිබඳව පවසන්නේ කවදා කවුරුන් විසින් මෙම යානා, ගුවන්තොටුපළ වෙත ගෙන ආවේ දැයි සොයා ගත නොහැකි බවයි. මගී ගුවන්යානා දෙකක් හා භාණ්ඩ ප්‍රවාහන යානාවක් මෙලෙස අතහැර දමා ගොස් තිබේ. මෙම යානා රඳවා තැබීම…

(0)Comments | December 11, 2015 7:41 am

වාණිජමය මගී සේවා සඳහා මඩකළපුව ගුවන්තොටුපළ සංවර්ධනය කෙරේ

මඩකළපුව ගුවන්තොටුපළේ ගුවන් යානා පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අරඹා ඇති ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ සඳහා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමට අමතරව ගුවන්යානා ධාවන පථය, ගුවන් යානා බැහැරුම් පථය සහ ගගන යාත්‍රාංගණය අලුත්වැඩියා කිරීම සඳහා…

(0)Comments | December 11, 2015 6:16 am

SME සංවර්ධනයට ADB ඩොලර් මිලියන 100 ක් දෙයි

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලබා දීමට එකඟ වී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර ගැනෙනු ඇත. එසේම මෙම අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ අරමුණු කර ගනී. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට…

(0)Comments | December 11, 2015 6:10 am

හොල්සිම් ලංකා සමඟ දුම්රිය දෙපාර්තුමේන්තුව ගිවිසුමකට එළඹෙයි

හොල්සිම් ලංකා සමාගම විසින් ත්‍රිකුණාමලය වෙත ආනයනය කරනු ලබන ගල් අඟුරු, ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා මෙහෙයුම් පිරිවැය පදනම් කර ගනිමින් ගාස්තු අයකිරීමට යටත්ව ප්‍රවාහනය කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට රජය පියවර ගෙන ඇත. මෙ වන විට ලෝකයේ බොහෝ රටවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය පරිවහන මාධ්‍ය වැඩිවශයෙන් යොදා ගත්ත ද, තොරතුරු…

(0)Comments | December 11, 2015 4:11 am

ආසිරි ගනුදෙනුවෙන් කොටස් වෙළෙඳපොළට දිගාසිරි. පිරිවැටුම බිලියන 8 ඉක්මවයි.

ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි දෙවන විශාලතම කොටස්කරුවා වන Actis Investment Holdings SL Limited අද දිනයේ දී සිය හිමිකාරීත්වය විකුණා දමන ලදී. රුපියල් 24.00 බැගින් ආසිරි හෝල්ඩිංග්ස් හි කොටස් 371,085,695 ක් මෙහිදී ගනුදෙනු වූ අතර මෙය මිල දී ගනු ලැබූයේ Merrill Lynch Pierce Fenner & Smith TPG Growth III SF pte LTd විසිනි. මෙම දෙපාර්ශවයම විදෙස්…

(0)Comments | December 10, 2015 9:40 am