Top News

අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියෙන් අපනයන දත්ත සජීවීව

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එළිදක්වනු ලබන, 2015 වසරට අදාල අපනයන අගයන් පිළිබඳ වාර්ෂික වාර්තාව දැන් නිකුත් වී තිබේ. මෙරට නිෂ්පාදන සහ සේවා අපනයන කරුවන් සඳහා පහසුකම් සලසන්නාවූ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන එම මණ්ඩලය මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන අතර නොමිලයේ පරිශීලනය වෙනුවෙන් මෙවර එය දෙවන වරටත් අන්තර්ජාලයට එක් කර තිබීම විශේෂත්වයකි. අපනයන සංවර්ධන…

(0)Comments | July 11, 2016 7:51 am

ලංකා IOC ඉන්ධන මිලෙහි වෙනසක්

ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුකොට තිබේ. ඒ අනුව XtraPremium පෙට්‍රල් ලීටරයක මිල රු. 2.00 කින් ඉහළ දමා ඇත. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කියා සිටියේ සාමාන්‍ය පෙට්‍රල් හා ඩීසල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි. මෙහිදී ඔහු කියා සිටියේ…

(0)Comments | July 11, 2016 5:45 am

සුද්දන්ගේ ශුද්ධ ආයෝජන මිලියන 600 පනී

පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජකයින් විසින් ආයෝජනය කර ඇති ශුද්ධ ආයෝජන වටිනාකම රුපියල් මිලියන 611.88 ක් ලෙසින් වාර්තා වේ. දිගින් දිගටම පහළ යමින් තිබුණු කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් පසුගිය ජූලි 05 වන දින සිට අඛණ්ඩව දින තුනක් ඉහළ යන ලදී. මෙහිදී පිළිවෙලින් ජූලි 05, 07 හ 08 යන දිනවල දී…

(0)Comments | July 11, 2016 4:14 am

Brexit සුලමුල හා ප්‍රතිඵල VIDEO

පසුගිය දින කිහිපය තුළ ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණාවක් වූයේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට බහුතර ජනතාව විසින් ජනමත විචාරණයකින් තීන්දු කිරීමයි. මෙම තත්ත්වය ගෝලීය වශයෙන් දේශපාලන හා ආර්ථික බලපෑම් රැසකට හේතු විය හැකි කාරණයක් බව විද්වත් මතයයි. මේ පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැගීමට TV දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා පියවර…

(0)Comments | July 10, 2016 2:27 pm

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ගොඩනැගිල්ල ඉදිකිරීමට ඩොලර් මිලියන 155 ක කොන්ත්‍රාත්තුවක්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලද 26 වැනි කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට Caddell Construction Co. සමත් වී තිබේ. ඒ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඉදිකිරීම සඳහා ය. අක්කර 6 ක දැවැන්ත වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතිය සඳහා නව කාර්යාල ගොඩනැගිල්ලක්, සංයුක්ත ප්‍රවේශ ගොඩනැගිල්ලක්, U.S. Marine residence හා ගබඩාවක් අන්තර්ගත වේ. මාස 18 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය…

(0)Comments | July 8, 2016 12:14 pm

මල් අපනයනය කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව 9 සිට 60 ට වැටිලා – ඇමතිනි කියයි

අපනයනය සඳහා මල් වගාකරුවන් දිවයින පුරා බිහිකොට ඔවුන් දිරිමත් කිරීමට වැඩසටහන් රැසක් දියත්කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවති අපනයනය සඳහා මල් වගාකරුවන් දැනුවත්කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි. මල් අපනයනය ප්‍රවර්ධනය කිරීමෙන් විශාල ආදායමක් ලැබෙන ආකාරයෙන් රටපුරා තවත්…

(0)Comments | July 8, 2016 11:12 am

උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමට නියමිතයි

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිලිබඳව පාර්ලිමේන්තුවේදී තම අදහස් දක්වමින්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා ජූලි 8 දින ප්‍රකාශ කලේ උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමට නියමිත බවයි. “මාගේ අමාත්‍යාංශය විසින් උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමත් එකී මිල ගණන් පුවත්පත් වල හා විද්්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමත්, උපරිම සිල්ලර මිලට වඩා විකුණනු…

(0)Comments | July 8, 2016 10:51 am

විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකාව සතු විදේශීය සංචිතවල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 250 කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක විදෙස් සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට…

(0)Comments | July 8, 2016 10:43 am

නවතම නිසාන් 2017 Pathfinder SUV එළිදකී

සිය නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය එළිදැක්වීමට නිසාන් සමාගම පියවර ගෙන තිබේ. මගීන් 7 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මෙම රථය නවීන තාක්ෂණික හා ආරක්ෂිත උපාංගවලින් පරිපූර්ණ රථයක් බව සමාගම කියා සිටී. Two-wheel සහ Four-wheel ධාවන මාධ්‍ය ද්විත්වයෙන්ම එළිදකින මෙම නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය S, SV, SL හා Platinum…

(0)Comments | July 8, 2016 8:11 am

Hire1 මෙරට නැගී එන ව්‍යවසායකයා ලෙස කිරුළු දරයි

මෙරට ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නවමු ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලාංකේය ලොජිස්ටික්ස් සේවා ක්ෂේත්‍රය පෙරළිකාර වෙනසකට ලක් කළ Hire1 සමාගම, 2016 Venture Engine සම්මාන උළෙලේදී ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙවර සම්මානය සඳහා නිර්දේශිත නාමයන් 200 කට අධික සංඛ්‍යාවක් අතරින් ජූරියේ අවසන් නාම දහය අතරට එක් වූ Hire1 සමාගම, එහිදී සමස්ත ජයග්‍රාහකයා ලෙස…

(0)Comments | July 8, 2016 6:11 am