දැනට පවතින බදු ක්‍රමය අනුව 80% ක් වක්‍ර බදු ලෙසත් 20% ක් සෘජු බදු ලෙසත් අයකර ගන්නා බවත් මෙම ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතු බවත් ලංකා වාණිජ මණඩලයේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. වත්මන් ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ විවරණයකට අද දෙරණ සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා…
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වූ අතර මිල මට්ටම්වල ඉහළ යාමක් ද අද දින වාර්තාවිය. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 30.30 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,310.69 ක් ලෙසින් සටහන් විය. අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 960.89 ක්වූ අතර එහිදී…
කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ “ලෝකයේ කාලයෙන් කාලයට මෙවැනි සිදුවීම් ඇති වෙනවා. නමුත් එවැන්නකින් අපේ ආර්ථීකයට විශාල බලපෑමක් ඇතිකළ නොහැකියි. ජාත්‍යන්තර සිදුවීම් මත වෙනස් වන ආර්ථීකයට වඩා වැදගත් වන්නේ ශක්තිමත් දේශීය ආර්ථීකයක් ගොඩනැගීමයිග ඒ සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම හැර වෙන විසඳුමක් නෑග අනික එවැනි තත්වයන්ට මුහුණදීමට දෙවැනි විසඳුමකට අනිවාර්යෙන්ම යා යුතු” යැයි…
තිරසාර සංවර්ධනය සඳහා තමන් දක්වන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පැළ වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශයේ ආරාධනය පරිදි පැළ සිටුවීමේ සතිය සමග අත්වැල් බැඳ ගනිමින් වාණිජ වනවගා ක්ෂේත්රයේ ප්‍රමුඛත ම සමාගමක්වන සදාහරිත වැවිලි සමාගම එම ව්‍යාපෘතිය සඳහා ඇක්විලාරියා පැළ…
ජනතාව මත පැටවී ඇති බදු බර, රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඒ වෙනුවෙන් නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි. රාමසාන් දිනයට සමගාමීව උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ඉස්ලාමීය බැතිමතුන් වෙත වියළි ආහාර…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යාලයීය කටයුතු මීට පෙර පවත්වාගෙන ගිය, වොෂින්ටන් ඩී.සී.හි පිහිටි, ශ්‍රී ලංකා රජය සතු ගොඩනැඟිල්ල මේ වන විට කිසිවකු විසින් පරිහරණය කරනු නොලබන අතර, එම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එම ගොඩනැඟිල්ල බදු දීම/කුලියට දීම සම්බන්ධයෙන්…
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (07) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා සිදු වූ සියලු බැඳුම්කර නිකුතු පිළිබඳ පිටු 1251 ක වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා පිළියෙල කරනු…
දැනට පාඩු ලබන තත්ත්වයේ පසුවන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා සඳහා මූලෝපායික ආයෝජකයින් කැඳවීම සඳහා ගනුදෙනු උපදේශකයින් ලෙසින් BNP Paribas සහ KMPG පත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. මෙම ගනුදෙනුවේ කළමනාකාරවරයා ලෙසින් ගනුදෙනු කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ NSB Fund Management අරමුදල් කළමනාකරණ අංශයයි. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්කරනු ලැබූ දැන්වීමක් හරහා මේ…
BlackBerry Classic ස්මාර්ට් ජංගම දුරකතනය නිෂ්පාදනය නවතා දමන බව බ්ලැක්බෙරි සමාගම නිවේදනය කර සිටී. raised button keyboard එකකින් යුතු මෙම ස්මාර්ට් ජංගම දුරකතනය 2014 වසරේ දී හඳුන්වා දෙනු ලැබූවේ BlackBerry Bold ජංගම දුරකතනයට ආදේශකයක් වශයෙනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්ලැක්බෙරි හි සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රැල්ෆ් පිනි මෙසේ කියා සිටියේය. “අද වන විට බොහෝ…
බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ හා ආජන්ටිනා ජාතික පිලේ සුපිරි පෙර පෙළ ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා හට මාස 21 ක සිරදඬුවමක් නියම කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් අද (06) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී ඔවුන් හට එල්ල වී තිබුණු චෝදනා වනුයේ යූරෝ මිලියන 4.16 ක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හරින ආකාරයෙන් කටයුතු කර…
Video Story