විශාලත්වය සහ ද්‍රවශීලතාවය අතින් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන ප්‍රමුඛතම සමාගම් 20 යොදා ගනිමින් සකස් කළ S&P SL 20 දර්ශකයේ තිබූ සමාගම් තුනක් ඉවත් කරමින් නව සමාගම් තුනක් එයට ඇතුළත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පියවර ගෙන තිබේ. මේ අනුව, Asian Hotels & Properties PLC, C T Holdings PLC සහ Hayleys PLC යන…
ශ්‍රී ලංකාව තුළ චෙක්පත් භාවිතය අඩු වෙමින් තිබෙන බව චෙක්පත් නිෂ්කාශන (Check Clearance) කටයුතු සිදුකරන ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා පැවසුවේ මීට වසර 05 කට පෙර තම ආයතනය විසින් දිනකට චෙක්පත් ලක්ෂ 02 ක් පමණ නිෂ්කාශනය (Check Clearance) කළත්…
පසුගිය කාලයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිසරය තුළ සංවාදයට බදුන් වූ පාඨලී චම්පික රණවක විසින් රචිත බලය සහ බලය දෙවන අදියර ලෙස ආලාපාළු ආර්ථිකය (Doom – Boom Economy) ග‍්‍රන්ථය එළිදැක්වීම අද (15) ප.ව. 3.00 ට පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී සිදුකිරීමට නියමිතය. පසුගිය කාලයේ සිදු කෙරුණු රටට අහිතකර ගනුදෙනු පිළිබඳව මෙම පොතෙන් කරුණු හෙළිකර ඇතැයි සඳහන්ය.
Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා. මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත්…
කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සිදුකළ මහජන කොටස් නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ. මේ නිසා, මෙම නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් කරන බව සඳහන්ය. මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට…
ප්‍රතිකාර කටයුතු සඳහා සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා (Medical Tourism) මේ වනවිට කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කටයුතු කරමින් සිටී. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරී, ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසුවේ ලංකා හොස්පිට්ල්ස් සමාගමද මේ සඳහා කටයුතු කරමින් සිටින බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන…
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම සංචාරයේදී ඔහු විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත නව නගරයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සහ කටුනායක අපනයන සැකසුම් කළාපයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. මේ අතර, හම්බන්තොට නව නගරයේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ…
අබාන්ස් පී.එල්.සී. සමාගම ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 02 ක් රැස්කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් මුලින් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවූ විට තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර…
ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 කට වඩා පහළ යාම හමුවේ අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව, ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් වන අතර ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල…
සේවක අර්ථ සාධක අරමුදලේ 2012 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා කර තිබෙන ඇමුණුමේ සඳහන් වන පරිදි අරමුදල කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් මහ බැංකු අධිපතිවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න
Video Story