Top News

පැකර්ගේ ලංකා ආගමනයට අභියෝග රැසක්ලු

ලොව ප්‍රබලතම කැසිනෝ ව්‍යාපාරිකයෙකු ලෙසින් සැලකෙන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ඩොලර් මිලියන 400 ක මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබෙන නමුත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියෝග ගණනාවක්ම පැන නැගී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. “ඒජ්“ පුවත් සේවාව වාර්තා කරන්නේ 2015 අයවැය මගින් ශ්‍රී…

(0)Comments | November 17, 2014 6:05 am

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය (CRIB) තවත් පොලීසියක්ද ? –Video Interview

මූල්‍යායතනයකින් ගනුදෙනු කරුවෙකු ණය මුදලක් ලබාගත් විට එම ණය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයට ලැබෙනවා. ගනුදෙනු කරුවන් ණය ගෙවීම ප්‍රමාද වනවිට ඔවුන් ණය තොරතුරු කාර්යංශයේ “බ්ලැක් ලිස්ට්“ කරන බවට ඇතැම් මූල්‍යායතන විසින් ගනුදෙනු කරුවන්ට යම් තර්ජනාත්මක ආකාරයෙන් දැනුම් දෙනවා. මේ පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ණය තොරතුරු…

(0)Comments | November 17, 2014 4:18 am

Facebook ගිණුම ඇතුළු ඔබේ ඩිජිටල් දත්ත සුරක්ෂිතද? –Video Interview

ෆේස්බුක් ගිණුම, ණය පත් (Credit Card) ඇතුළුව බොහෝ ඩිජිටල් දත්ත (Digital Data) ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට භාවිතා කරයි. කෙසේවෙතත්, මේවා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමත් එම දත්ත අවභාවිතා කළහොත් එයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගත් ඉතා වැදගත් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත අබේසේකර මහතා සමග…

(0)Comments | November 14, 2014 6:14 am

මහ බැංකුව වෙතින් නව කාසි මාලාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 10 නව කාසි මාලාවක් නිකුත් කිරීමට සූදානම් වේ. මහ බැංකුව පවසන්නේ මෙම නව කාසි මෙරට දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් නිකුත් කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නව කාසි මුල් වරට ලබන සඳුදා (17) ප්‍රදානය කරන බවයි.

(0)Comments | November 13, 2014 9:06 am

Breaking News- කොටස් පොළේ සමස්ත මිල දර්ශකය ඒකක 7500 පන්නයි

කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 7500 සීමාව පසුකළා. කොටස් වෙළඳ පොළ පර්යේෂණ අංශයේ ප්‍රකාශිකාවක අප සමග සඳහන් කළේ පසුව නැවතත් මිල දර්ශකය සුළු වශයෙන් පහළ ගිය නමුත් ඒකක 7500 ට ආසන්නයෙන් මේ වනවිට තිබෙන බවයි.

(0)Comments | November 13, 2014 5:56 am

භාවනා කිරීමට ලංකාවට එන යුරෝපීය ජාතිකයින් ඉහළට -Video Interview

ආධ්‍යාත්මික සංචරණ ( Spiritual Tourism) කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වෙමින් තිබෙන බවත් ඒ සඳහා ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ (Sri Lanka Convention Bureau) ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විපුල වණිගසේකර මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා. එහිදී, ඔහු පැවසුවේ භාවනා වැඩසටහන්…

(0)Comments | November 12, 2014 12:50 pm

කොමර්ෂල් ක්‍රෙඩිට්, Trade Finance & Investments හි සම්පූර්ණ බලය අල්ලයි

ජෙට් වින්ග් ව්‍යාපාරික සමූහයට සම්බන්ධ පාර්ශවයන්ට අයත්වූ වසර 35 කට වඩා පැරණි Trade Finance & Investments PLC සමාගමේ සියයට 96.89 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලකට පසුගිය අගෝස්තු 04 වනදා මිලදීගත් කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම එම සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණයද මිලදී ගැනීමට කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම විසින් Trade…

(0)Comments | November 10, 2014 9:18 am

ඉතිහාසයේ පළමු වතාවට සංචාරකයින් ලක්ෂ දොලහේ සීමාව පනී

මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට දොලොස් ලක්ෂය ඉක්මවා තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය දැවැන්ත ආකාරයෙන් වර්ධනය වීමයි. මේ අනුව, 2014 ඔක්තෝම්බර් දක්වා මුල් මාස දහය තුළදී මෙරටට සංචාරකයින් 12,28,754 ක් පැමිණ තිබෙන අතර ගිය…

(0)Comments | November 7, 2014 6:31 am

ප්‍රකට ආයෝජක සෙන්තිල්වේල්, වැලිබල් පවර් බලය තරකළ හැටි මෙන්න!

කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට ධම්මික පෙරේරා මහතා නායකත්වය ලබාදෙන වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් වලින් සියයට 14.432 ක් අයත් වේ. පසුගිය නොවැම්බර් 04 වනදා සෙන්තිල්වේල් මහතා මෙම සමාගමේ කොටස් මිලියන 105.8 ක් මිලදීගැනීමත් සමග මේ ආකාරයෙන් කොටස් හිමිකම ඉහළ ගොස් ඇත. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට වැලිබල් පවර්…

(0)Comments | November 7, 2014 5:45 am

UDA සභාපති අනාගත සැලසුම් හෙළි කරයි. ගෆූර් ගොඩනැගිල්ල ජුනි 20 වනදා හෝටලයක් වෙයි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කරමින් තිබෙන කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නාගරික හෝටලයක් ලෙස ලබන ජුනි 20 වනදා විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා කියයි. අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නිමල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ මෙසේයි. “ගෆූර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස…

(0)Comments | November 7, 2014 4:32 am

Video Story

Stock Market

Exchange Rates