Top News

ප්‍රාග්ධන ලාභ බද්ද ගැන හර්ෂගෙන් පැහැදිලි කිරීමක් – කොටස් ගනුදෙනුත් අදාළයි VIDEO

ඉඩම් මිල ඉහළ යාමට වියදම් කර ඇත්තේ ආණ්ඩුව බවත්, එබැවින් එම වියදම් කරපු ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් අයකර ගැනීම සාධාරණ බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය. එවැනි බදු හරහා වක්‍ර බදු අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී…

(0)Comments | June 29, 2016 10:21 am

මිලියන විසිතුන්දහසක බිල්පත් අනුමතයි

අද (29) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,354 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 56,738 ක ලංසු ලැබී තිබිණි. මෙහිදී දින 364 බිල්පත් පොළියෙහි වෙනසක් සිදු වී නොමැති අතර දින 91 බිල්පත් පොළිය 8.86% සිට 8.88 දක්වා සහ දින 182 පොළිය 9.83%…

(0)Comments | June 29, 2016 9:47 am

ආසියාතික සූදුලෝලීන්ට තරු හයේ කැසිනෝවක් ජේම්ස් පැකර්ගෙන්

ඕස්ට්‍රේලියානු කැසිනෝ රජු ලෙසින් හැඳින්වෙන ජේම්ස් පැකර් හට සිඩ්නි වරාය ඉලක්කගත කරමින් කැසිනෝ සූදූ ක්‍රීඩා පහසුකම් ද සහිත තරු හයේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජයේ අනුමැතිය ලැබී තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ව්‍යාපෘතියක් වන මේ හරහා නව රැකියා අවස්ථා 1,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ හැකි බවත්, ආසියාතික හා විශේෂයෙන්ම චීනයේ සිට සිඩ්නි වෙත…

(0)Comments | June 29, 2016 8:41 am

තික්කම් ස්කාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර

රා මැදීමේ නිරත ප්‍රජාවගේ හා තල් කර්මාන්තය මත යැපෙන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 112.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නවීන යන්ත්‍රෝපකරණ යොදා තික්කම් ස්කාගාරය පුනරුත්ථාපනය කර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රා ලැබෙන කාල සමය තුළ වුවද රා මැදීම සීමා වී ඇත්තේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හේතුවෙන් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සංස්කෘතියට බැඳී…

(0)Comments | June 29, 2016 7:17 am

ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර වෙළඳ හා ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා යුක්‍රේනය අතර වෙළඳ, ආර්ථික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා සෙවීම, භාණ්ඩ හා සේවා වෙළඳාම පුළුල් කිරීම, තොරතුරු හුවමාරුව, වෙළඳ ආරවුල් විසඳීම, වෙළඳ මෙහෙයුම් පහසු කිරීම, ව්‍යාපාර සහයෝගිතාව සදහා විවිධ ක්ෂේත්‍ර හඳුනාගැනීම යනාදී අරමුණ පෙරදැරිව, වෙළඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අන්තර් ආණ්ඩු ඒකාබද්ධ කොමිසම ස්ථාපිත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා…

(0)Comments | June 29, 2016 6:46 am

මානව ප්‍රාග්ධන දර්ශකයේ දකුණු ආසියාවේ මුල්තැන ශ්‍රී ලංකාවට

ලෝක ආර්ථික සංසදය (World Economic Forum – WEF) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකය (Human Capital Index) 2016 ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර එහිදී ලොව පුරා රටවල් 130 ක් අතුරින් 50 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ මුල් තැන හිමිව…

(0)Comments | June 29, 2016 4:45 am

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් සිදු වන බලපෑමට මුහුණු දීමට සූදානම්

බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳ පොළ මේ වන විට වසර 31ට පෙර තිබූ අවම අගයට පහළ බැස ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එසේම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ සිටියදී ශ්‍රී ලංකාවට අත් වීමට තිබුණු වාසි සහගත තත්ත්වයන් මෙහිදී ඉවත් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එංගලන්තයේ නිෂ්පාදන බිඳවැටීමක් සිදු වන බව ද…

(0)Comments | June 29, 2016 3:46 am

සීනි නීතියට කෝල්ඩ් ස්ටෝර්ස් සූදානම්

සිසිල් බීමවල අඩංගු වන සීනි ප්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය. මේ සම්බන්ධයෙන් අලියා සන්නාමය යටතේ සිසිල් බීම නිපදවන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් හි අලෙවි ප්‍රධානී සතිෂ් රත්නායක මහතාගෙන් අද දෙරණ Biz විමසීමක් කළ අතර එහිදී ඒ…

(0)Comments | June 28, 2016 8:32 am

ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් වෙළෙඳපොළටත් ?

ඉඩම් ගනුදෙනුවලින් උපනය ලාභ සඳහා හඳුන්වා දෙන ලද ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් ගනුදෙනුවලින් උපයන ලාභ සඳහා ද බලපවත්වන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසා තිබේ. ඊයේ සන්ධ්‍යාවේ පැවති විදෙස් මාධ්‍යවේදීන්ගේ හමුවක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය අනාවරණය කර සිටී. ඉඩම් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්ද යළි හඳුන්වා දීම සඳහා…

(0)Comments | June 28, 2016 7:59 am

සංවර්ධන බැඳුම්කර නිකුතුවේ ලංසු ප්‍රතික්ෂේප වෙයි

ඊයේ (27) දිනයේ දී අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලැබී තිබුණු සියලු ලංසු ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. පසුගිය ජූනි 21 වැනිදා ආරම්භ කරන ලද මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. කල්පිරීමේ කාල තුනක් යටතේ අදාළ බැඳුම්කර සඳහා ලංසු…

(0)Comments | June 28, 2016 6:43 am

Video Story

Stock Market

Exchange Rates