ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මංගල සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සාමාජික රටවල් දැනුවත් කෙරිණි. සාමාජික රටවල් 46ක පමණ නියෝජිතයෝ සමුළුව සඳහා එක්ව සිටියහ. සමුළුව පසුගිය ජූනි මස 25 සහ 26 වැනි දිනවල චීනයේ බීජිං නුවර දී පැවැත්විණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඔවුන් අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා පත්කිරීම, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිර්දේශය පරිදි සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. මුදල් අමාත්‍යවරයා මේ වන විට ජපානයේ සංචාරයක නිරත වී සිටින අතර අද දෙරණ කළ විමසීමක දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා කියා සිටියේ ජූලි 04 වන දින ඔහු ලංකාවට පැමිණෙන බවයි. ඒ අනුව…
‘තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් යුගයේ නව ගම්මානවල සංවර්ධනය‘ තේමා කරගනිමින් පැවැත්වෙන Saemaul Undong Forum හෙවත් නවීන ගම්මාන සමුළුව කොරියාවේ දී පැවැත්වේ. මෙම සමුළුව නියෝජනය කිරීම සඳහා අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මේ වන විට කොරියාව බලා ගොස් තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 53 ක නියෝජිතයෝ මෙම සමුළුව සඳහා සහභාගී වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ දී ඒකක 7.62 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,283.27 ක් ලෙසින් සටහන් විය. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය නව වන දිනය ලෙසින් අද දිනය වාර්තා වී තිබේ. අද දිනයේ දී රුපියල් මිලියන 449 ක පිරිවැටුමක් වාර්තා…
ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, දෙරටෙහි ආර්ථික හා ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, දෙරටෙහි ව්‍යවසාය ආයතනයන් අතර මනා සම්බන්ධතාවක් ඇති කරගනිමින් සමීප වෙළඳ හා කාර්මික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම යනාදී අරමුණු පෙරදැරිව, අන්‍යෝන්‍ය සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සහ චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළඳ…
ව්‍යාපාර ලෝකය පිළිබඳ අනාගත දැක්මක් ඇති ව්‍යාපාරික නායකයන්ගෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගෙන් සමන්විත ඒකාබද්ධ ව්‍යුහයක් තුළින් පාලනය වන ශ්‍රී ලංකාව තුළ ඇති එකම ව්‍යාපාරික පාසල වන කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (Colombo School of Business Management) උසස් අධ්‍යාපනය, වෘත්තීයමය අධ්‍යාපනය සහ විධායක අධ්‍යාපනය නව නැඹුරුවකට යොමු කරන අතර කාර්ය මණ්ඩල පුහුණුව සහ වෙළෙඳපොළ…
එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගමේ දැනට සිටින ගනුදෙනුකරුවන්ගේ CDS ගිණුම් වෙනත් කොටස් තැරැව්කාර සමාගමක් වෙත මාරු කරගන්නා මෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ, එන්ට්‍රස්ට් සමූහය පසුගිය කාලය තුළ මුහුණ පා සිටි අර්බුදකාරී පසුබිම හමුවේ ඔවුන් සිය කොටස් තැරැව්කරණ බලපත්‍රය යළි අලුත් කර…
නැෂනල් සන්නාමය යටතේ පීවීසී පයිප්ප හා උපාංග නිෂ්පාදනය කරනු ලබන සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කොටස් ද්‍රවශීලතාව ඉහළ නැංවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එහිදී දැනට පවතින සමාගමේ කොටසක් කොටස් දෙකක් බවට පරිවර්තනය වීමට නියමිතය. ඒ අනුව දැනට පවතින සමාගමේ කොටස් ප්‍රමාණය වන කොටස් 9,884,214 දෙගුණයක් වනු ඇත. එහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක් සිදුනොවේ. මෙම…
බස්නාහිර කලාපීය මහානගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ මහානගර කලාපයේ වර්තමාන හා අනාගත ප්‍රවාහන ඉල්ලුම සමඟ අනුගත විය හැකි වඩාත් සුදුසුම ප්‍රවාහන මාදිලිය සැහැල්ලු දුම්රිය සංක්‍රමණික (Light Rain Transit) පද්ධතිය බව විශේෂඥ නිර්දේශය වී තිබේ. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) සහාය ලබාගැනීමටත්, ඒ අතුරින්…
මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) 2015/16 මූල්‍ය වර්ෂයේදී විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් හිමිකරගනිමින් රු. බිලියන 50 ක වත්කම් ප‍්‍රමාණයක් ඉක්මවීමට සමත්වූවේය. එමෙන්ම, දශක දෙකක සිය අභිමානවත් ගමන්මග තුළ බිලියනයක බදු පසු ලාභයක් පසුකරයෑමට මෙන්ම රු. බිලියන 5 ක ප‍්‍රාග්ධන අරමුදල් ප‍්‍රමාණයක් ඉක්මවා යෑමට ද CDB ආයතනයට…
Video Story