Top News

සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් වැසේ

කොළඹ නගරයේ තිබෙන ප්‍රමුඛතම හෝටලයක් වන සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කොටසක් හදිසි අළුත් වැඩියා කටයුතු හේතුවෙන් 2015 මාර්තු 30 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. මේ අනුව, සමාගම සඳහන් කරන්නේ අළුත් වැඩියා කටයුතු නිම කිරීමෙන් පසුව නැවතත් මෙම කොටස 2015 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කරන බවයි.

(0)Comments | March 30, 2015 6:27 am

NDB සභාපතිත් ඉවතට. පුද්ගලික වාණිජ බැංකුවල තවත් පුටු පෙරලෙන ලකුණු

ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරයෙන් සුනිල් විජේසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර අස්වීමේ ලිපිය අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ලබාදීමට බලාපොරොත්තු වේ. මේ අතර, පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලද කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතැයි අප වෙත ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ….

(0)Comments | March 28, 2015 11:27 am

Breaking News -ආචාර්ය රාණි ජයමහ HNB මුල් පුටුවෙන් ඉවත් වේ. බැංකුව අළුත් සභාපති කෙනෙකු යටතට

හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මිය අද පස්වරුවේ පැවති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී දැනුම් දී ඇත්තේ ඇය එම තනතුරින් ඉවත්වී විශ්‍රාම ගන්නා බවයි. මේ අනුව, වහාම හැටන් නැෂනල් බැංකුවේ සභාපතිධූරය සඳහා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක වන එම්.ඒ.ආර්.සී. කුරේ මහත්මිය පත්කර තිබේ. ආචාර්ය රාණි ජයමහ මහත්මිය මාර්තු 30 වනදා පැවැත්වීමට…

(0)Comments | March 27, 2015 12:00 pm

Exclusive –සුපිරි වාසි සහ මන්දිර බද්දේ ගැසට් නිවේදන අවසන් අදියරේ

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ සුපිරි වාසි බද්ද සහ මන්දිර බද්දට අදාළ ගැසට් නිවේදන සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසාන අදියරේ තිබෙන බවත් හෙට අනිද්දාම මේවා ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් අනාවරණය වේ. ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත හෙළිවන්නේ සුපිරි වාසි බද්දට අදාළ නීති කෙටුම්පත සහ ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට…

(0)Comments | March 26, 2015 11:29 am

රු. මිලියන 500 ක අරමුදල් සමග නව ව්‍යාපාර 15 කට මග හෙළිකළ Venture Engine වැඩසටහනේ 4 වන අදියර ඇරඹේ

‘වෙන්චර් එන්ජින්’ (Venture Engine) වැඩසටහනේ 04 වන අදියර සඳහා සියලූ කටයුතු සූදානම් බව ‘බ්ලූ ඕෂන් වෙන්චර්ස්’ (Blue Ocean Ventures) සහ ‘ඒන්ජල් නෙට්වර්ක්’ (Angel Network) පසුගියදා නිවේදනය කළේ ය. කොළඹ OZO හිදී පැවති විශේෂ උත්සවයකදී මේ බව නිවේදනය කරන ලදි. 2012 වසරේදී මෙම වැඩසටහන ආරම්භ වූයේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අත්වැලක් වනු…

(0)Comments | March 26, 2015 7:25 am

මධ්‍යසාර සමාගම් වලින් මසකට මිලියන 200 ක බදු ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක සුරා බද්දක් අයකිරීමට නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරයි. මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට…

(0)Comments | March 25, 2015 8:21 am

මත්ස්‍ය අපනයන ආදායම් වලට සෙනසුරු ලබයි

යුරෝපා සංගමය විසින් ලංකාවට පනවා තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේ තහංචිය හමුවේ ලංකාවෙන් පිටරට යවන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (Sea Food) තුළින් ලැබන ආදායම විශාල වශයෙන් අඩුවී තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් පසුගිය ජනවාරි මාසයේදී ලංකාව ඉපැයූ…

(0)Comments | March 25, 2015 8:05 am

සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ගෝලීය වෙළඳ ප්‍රදර්ශන වෙනුවෙන් බිලියන 1.2 ක් වැය කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (Sri Lanka Tourism Promotion Bureau) විසින් 2015 වසරේදී ගෝලීය වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කිරීමට සූදානම් බවත් මෙම වෙළඳ ප්‍රදර්ශන පවත්වන්නේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන වෙළඳපොළවල් සමීක්ෂණය කර ඉතා සැලකිල්ලෙන් තෝරා ගැනීමෙන් පසුව බවත් එහි සභාපති රොහාන්ත අතුකෝරළ මහතා අප සමග සඳහන් කළේය….

(0)Comments | March 23, 2015 10:18 am

ජාතික ආණ්ඩුව සමග ඇමති මණ්ඩලය 50% කින් ඉහළට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 26 දෙනෙකුට අමාත්‍ය ධූර පිරිනමමින් ඇතිකළ ජාතික ආණ්ඩුව සමග ඇමති මණ්ඩලයේ ප්‍රමාණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර මේ වනවිට ජාතික ආණ්ඩුවේ සිටින අමාත්‍යවරු ගණන 77 කි. මෙම පත්කිරීමට පෙර ඇමති මණ්ඩලයේ සිටි පිරිස 51 කි. මේ වනවිට, ඇමති මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරු 40 ක්, නියෝජ්‍ය අමාත්‍යවරු 23 ක් සහ…

(0)Comments | March 22, 2015 8:10 pm

කොටස් වෙළඳ පොළට ලාල් නානායක්කාර සහ ඇන්ටන් ගොඩ්ෆ්‍රි

ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකු වන ලාල් නානායක්කාර මහතා සහ ජාත්‍යන්තර තලයට ගිය සමාගමක ප්‍රධානියෙකු වන ඇන්ටන් ගොඩ්ෆ්‍රි මහතා කොළඹ කොටස් වෙළඳ පොළේ අධ්‍යක්ෂ මණ්ඩලයට අළුතින් පත්කර තිබේ. නානායක්කාර මහතා ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් 1997 වසරේදී වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. ඇන්ටන් ගොඩ්ෆ්‍රි මහතා AGXA නැමති ජාත්‍යන්තරව ප්‍රචලිත…

(0)Comments | March 22, 2015 7:44 pm