Top News

රවීගේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති මහින්ද

අද ඇතිකළ ජාතික ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා දිවුරුම් දුන්නේය. මේ වනවිට, මුදල් අමාත්‍ය ධූරය දරන්නේ රවී කරුණානායක මහතායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙසත් 05 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරු ලෙසත් 10 ක් නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසත් අද දිවුරුම් දුන්නේය.

(0)Comments | March 22, 2015 7:28 pm

අපේ විදේශ සංචිතයේ අළුත්ම තත්ත්වය මෙහෙමයි

මෙරට විදේශ සංචිතය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 167 කින් ඩොලර් මිලියන 7,261 ක් දක්වා ඉහළ නැගුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. මේ අතර, හෙළි වන්නේ මෙරට රන් සංචිතවල වටිනාකම ගෙවුණු පෙබරවාරි මාසයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 902.9 ක…

(0)Comments | March 21, 2015 8:19 am

මන්දිර බද්ද කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ මන්දිර බද්ද වාරික හතරකින් ගෙවීමට හැකි ලෙස රජය බදු නීතිය වෙනස් කර තිබේ. නව සංශෝධන වලට අනුව රජය සඳහන් කර තිබෙන්නේ රුපියල් මිලියන 150 කට වැඩි වටිනාකමක් හෝ වර්ග අඩි 10, 000 කට වැඩි 2000 අප්‍රේල් 01 වනදාට පසුව ගොඩනැගූ නිවාස වලින් වාර්ෂිකව රුපියල් මිලියනයක මන්දිර බද්දක් (Mansion…

(0)Comments | March 20, 2015 7:54 am

කුඩා මධ්‍යසාර සමාගම් වැසෙන ලකුණු. ඩිස්ටිලරීස් ප්‍රමුඛ දැවැන්ත සමාගම් ගොඩයයිද ?

මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට සිදුවන බව කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදකයින්ගේ සේවක සංගමය සඳහන් කරයි. ඔවුන් පවසන්නේ මෙරට මධ්‍යසාර වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක විශාල සමාගම් 04 කට මෙම බද්ද ගෙවීමේ ප්‍රශ්නයක් නොමැති වුවත්…

(0)Comments | March 20, 2015 7:30 am

ඩුබායි බැංකුවක සැඟවූ ඩොලර් බිලියන 02 ක වත්කම් ආපසු ගෙන ඒමට රජය සැරසෙයි

මෙරට පුද්ගලයින්ට අයත් ඩොලර් බිලියන 02 කට වැඩි වත්කම් තිබෙන බැංකු ගිණුම් තුනක් ඩුබායි ජාතික බැංකුවේ තිබෙන බව අනාවරණය කරගෙන තිබෙන බවත් ඒවා නැවතත් ලංකාවට ලබාගැනීම සඳහා ඒ පිළිබඳව කටයුතු කරන ඇමරිකානු සහ ඉන්දියානු ආයතන වලට භාරදී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කීය. ඔහු අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…

(0)Comments | March 19, 2015 11:01 am

චීන සමාගමට වරාය නගර ව්‍යාපෘතියට ආරක්ෂක බැම්මක් තැනීමට ඉඩ ලැබෙයිද ?

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගම විසින් ව්‍යාපෘතියේ දැනට කර තිබෙන ඉදිකිරීම් ආරක්ෂා වන පරිදි බාධකයක් ඉදිකිරීම සඳහා අවසර ඉල්ලා ඇතැයි අනාවරණය වේ. ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබෙන්නේ මේ සඳහා අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බවයි. ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කෙරෙන කොළඹ…

(0)Comments | March 19, 2015 6:32 am

කොටස් පොළේ අයථා ගනුදෙනු සෙවීමට අගමැති තේරීම් කාරක සභාවක් ඉල්ලයි

2010 වසරෙන් පසුව කොළඹ කොටස් වෙළඳපොළේ සිදුවී ඇතැයි කියන අයථා ගනුදෙනු ගැන සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කළ යුතුබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය වී තිබේ. එබැවින් එවැනි තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්ට තම යෝජනාව බාරදී ඇතිබව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි. කෙසේවෙතත්, මෙම යෝජනාවට අනුව තේරීම්කාරක සභාවක් පත්කරනු ලබන්නේද නැද්ද…

(0)Comments | March 18, 2015 10:16 am

NDB, සෙලාන් බැංකුවේ තවත් කුට්ටියක් ගනී

ජාතික සංවර්ධන බැංකුව විසින් සෙලාන් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 14.8 ක් හෙවත් බැංකුවේ නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් සියයට 8.45 ක ප්‍රමාණයක් මිලදීගෙන තිබේ. මෙම කොටස් මිලදීගැනීමත් සමග ජාතික සංවර්ධන බැංකු සමූහයට සෙලාන් බැංකුවේ කොටස් මිලියන 16.7 ක් අයත් වන අතර එය බැංකුව විසින් නිකුත් කර තිබෙන සමස්ත සාමාන්‍ය…

(0)Comments | March 18, 2015 9:40 am

වරාය නගර ව්‍යාපෘතිය ගැන ජනපති මෛත්‍රීපාල සමග සාකච්ඡා කිරීමට චීන අග්‍රාමාත්‍යවරයා සැරසෙයි

ඉදිකිරීම් අත්හිටුවා තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව සුහද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදුකිරීමට චීන අග්‍රාමාත්‍ය Li Keqiang තීරණය කර තිබෙන බවත් මෙම සාකච්ඡාව මේ මාසය අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් සඳහා චීනයට ගිය විට සිදුකරනු ඇති බවත් ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වෙතින් අප වෙත අනාවරණය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරයේදී…

(0)Comments | March 18, 2015 5:13 am

පරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපති ගෙදර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි නැගෙන චෝදනා හමුවේ පරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සේවයට වාර්තා නොකරන බව අග්‍රාමාත්‍යවරයා කියයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. මේ අතර, විපක්ෂය සඳහන් කළේ මෙම බැඳුම්කර නිකුතුව…

(0)Comments | March 17, 2015 12:02 pm