Top News

Medical Tourism සඳහා කොළඹ රෝහල් සූදානම් -Video Interview

ප්‍රතිකාර කටයුතු සඳහා සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා (Medical Tourism) මේ වනවිට කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කටයුතු කරමින් සිටී. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරී, ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසුවේ ලංකා හොස්පිට්ල්ස් සමාගමද මේ සඳහා කටයුතු කරමින් සිටින බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන…

(0)Comments | December 9, 2014 11:07 am

මහතීර් මොහොමඩ් ලංකාවට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම සංචාරයේදී ඔහු විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත නව නගරයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සහ කටුනායක අපනයන සැකසුම් කළාපයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. මේ අතර, හම්බන්තොට නව නගරයේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ…

(0)Comments | December 8, 2014 11:49 pm

අබාන්ස් බිලියන 02 ක් ඉල්ලයි

අබාන්ස් පී.එල්.සී. සමාගම ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 02 ක් රැස්කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් මුලින් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවූ විට තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර…

(0)Comments | December 8, 2014 12:45 pm

ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යද්දී ලංකාවෙත් මිල අඩුවේ

ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 කට වඩා පහළ යාම හමුවේ අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව, ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් වන අතර ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල…

(0)Comments | December 5, 2014 7:14 pm

විගණකාධිපතිවරයා කියන කතාව පිළිගැනීමට අපහසුයැයි මහ බැංකු අධිපතිවරයා කියයි- Video Interview

සේවක අර්ථ සාධක අරමුදලේ 2012 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා කර තිබෙන ඇමුණුමේ සඳහන් වන පරිදි අරමුදල කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් මහ බැංකු අධිපතිවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍

(0)Comments | December 5, 2014 9:32 am

Chevron Lubricants බිලියන 02 ක වැඩක් දෙයි

රුපියල් බිලියන 02 ක වියදමින් Chevron Lubricants Lanka PLC සමාගම විසින් සපුගස්කන්දේ පිහිටි LINDEL කර්මාන්ත උද්‍යානයේ ගොඩනැගූ අති නවීන ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව සහ ගබඩා සංකීර්ණය විවෘත කෙරේ. මෙම කර්මාන්ත ශාලාව අක්කර 41/2 ක ඉඩමක ඉදිකර තිබෙන අතර මෙය වර්ග මීටර් 5000 කි. ගබඩා සංකීර්ණයේ ලිහිසි තෙල් ලීටර් මිලියන 1.4 ක් ගබඩා කිරීමේ…

(0)Comments | December 5, 2014 9:31 am

තීන්දු ප්‍රකාරව හේමාස් පවර් විකිණේ

හේමාස් පවර් පී.එල්.සී. සමාගම තුළ හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතුව තිබෙන සියයට 75 ක සියළුම කොටස් අයිතිය රුපියල් බිලියන 1.68 කට NDB Capital, ACL Cables සහ Trydan Partners යන ව්‍යාපාරික හවුලට විකුණා දැමීමට හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම එළඹුණු ගිවිසුමට අනුව එම කොටස් විකිණීම අද උදෑසන සිදුකර තිබේ. මේ අනුව, මෙම ගනුදෙනුවේදී විකුණා දමන කොටස් ප්‍රමාණය මිලියන 93.9…

(0)Comments | December 5, 2014 6:40 am

සියපත ණයකරේට කොළ එළිය

රුපියල් බිලියනයක් රැස්කර ගැනීම සඳහා සියපත ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම විසින් සිදුකිරීමට යන ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසරය ලබාදෙයි. මෙම නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 05 ක් මුලින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 05 ක් නිකුත් කිරීමට නියමිතය. මෙම නිකුතුව විවෘත…

(0)Comments | December 5, 2014 4:32 am

ශ්‍රී ලංකන් සහ ජපන් ගුවන් සමාගම අතර ගිවිසුමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඈත පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරිමේ අරමුණින් ජපන් ගුවන් සමාගම (JAL) හා එක්ව දෙසැම්බර් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙන ලදී. මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු…

(0)Comments | December 4, 2014 10:27 am

හර්ෂ කබ්රාල්, ටෝකියෝ සිමෙන්ති ශක්තිමත් කිරීමට කැඳවයි

ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙස 2014 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. මේ අතර, 2015 පෙබරවාරි 01 වනදා සිට ටෝකියෝ සිමෙන්ති සමාගම එයට පූර්ණ අනුබද්ධ සමාගමක් වන Fuji Cement Company (Lanka) Limited සමග ඒකාබද්ධ කිරීමට නියමිතය.

(0)Comments | December 3, 2014 4:35 pm