සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ…
කොළඹ කොටස් වෙළෙඳපොළ 2025 ජනවාරි මාසයේ දී 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් තිබුණි. මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගයය ද වේ….
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව පස්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0 ක අවධමනයක් දක්වා දැවැන්ත පහළ…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළහ. ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද…
ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා එකඟත්වය පළ කරයි. ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවක දීය. එහිදී , ඉතාලියේ රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 29 දා රු. මිලියන 182,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක කැඳවා තිබුණි. මෙහිදී දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය 8% මට්ටමෙන් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. 2021 දෙසැම්බර් 24 දින පැවති භාණ්ඪාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය 8% මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ….
කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කරයි මේ වන විට කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයට දැනුම් දී සිටී. මේ හරහා මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් මෙම ඒකාබද්ධ නිවේදනය…
පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මට්ටමේ පැවතුණි. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළෙඳපොළ ණය සහ තැන්පතු පොලී අනුපාතික ද අඛණ්ඩව පහළ ගියේය. අඩු වෙළෙඳපොළ ණය පොලී…
ශ්‍රී ලංකා රුපියල, ලෝකයේ වැඩිම අවප්‍රමාණයක් වාර්තා කළ මුදල් ඒකකය ලෙස වාර්තා වීම පිළිබඳව මහ බැංකුවේ ප්‍රතිචාරය ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ රටක විනිමය අනුපාතය අඩු වැඩි වීම මත එම රටේ ආර්ථිකයේ ප්‍රගතිය මැනිය නොහැකි බවයි. ඊයේ (29) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්…
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක් ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර ගමට ගෙන යා යුතුයි අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමට සැලසුම් පුද්ගලයන් ඉලක්ක කර ආධාර ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් ඇති කරනවා වතු සේවකයින්ට දෛනිකව රු 1700ක්…
Video Story