2025 වසරේ පළමු දින 26 තුළ දී සංචාරකයින් 212,838 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දෙයි. 2024 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණී සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 208,253ක් ලෙසයි. ඒ අනුව මේ වන විටත් පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙම වසරේ ජනවාරි මාසයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 2.68කින් පහළ ගොස් ඒකක 17,117.18 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 33.54කින් පහළ ගොස් ඒකක 5,126.31 ක් ලෙසින් සටහන් වුණි. අද දින රු. බිලියන 8.40 ක සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වීම…
මේ වන විට මෙරට උද්ධමනය සෘණ මට්ටමකට පත්ව තිබිය දී එහි ප්‍රතිලාභ ජනතාව වෙත නිසි පරිදි සම්ප්‍රේෂණය වීමක් සිදුනොවන්නේ මන්දැයි යනුවෙන් ‘අද දෙරණ‘ අද (29) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මිල මට්ටම්වල ඉහළ යාමක් සිදු වුවද…
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්‍යයේ…
මෙරට මුළු අපනයන ආදායමෙන් 90%ක් උපයනු ලබන්නේ අපනයනකරුවන් 10%ක් විසින් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක් කුඩා කණ්ඩායමක් වටා සංකේන්ද්‍රණය වී ඇති බැවින් මෙරට ආර්ථිකය පහළට ප්‍රසාරණය කළ යුතු බවයි. ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025”…
මෙරට තුළ ක්‍රියාත්මක අසාර්ථක මෙන්ම දූෂීත පරිපාලන ව්‍යුහයක් සහිත රාජ්‍ය ආයතන දෙස පැරණි කෝණයෙන් නොබලා එම ආයතන තුළ ව්‍යූහාත්මක වෙනසක් සිදු කිරීමට තම රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025” අමතමිනි. ඔහු එහි දී වැඩි දුරටත්…
ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, කලින් ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.
2025 අංක 01 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (29) පෙරවරුවේ දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (28) දින රැස්වීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මීට පෙර අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් 26…
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය තුළ සිසුන් 850ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩුපාඩුවක්ව පවතී. එබැවින්, ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම්…
Video Story