Top News

අදානිගෙන් විදුලි ඒකකයක් ඩොලර් සත 6කට වඩා අඩුවෙන් ගන්න රජය සාකච්ඡා අරඹයි

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය සතිය තුළ දී මෙම අදානි…

(0)Comments | January 28, 2025 2:36 pm

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ගණනාවක් විදේශීය විශ්වවිද්‍යාල සමඟින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ තීරණයක්

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවයන් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල සමඟ පහත සඳහන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: *…

(0)Comments | January 28, 2025 1:44 pm

මහ බැංකුවට දැන් කරන්න බැරි වැඩක් ගැන කැබිනට් තීරණයක්

“නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය – සරුසාර” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව…

(0)Comments | January 28, 2025 1:03 pm

රේගුව රු. බිලියන 2,550ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතුයි – ජනපති

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි පසුගිය වසරේ රේගුව අත් කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා – ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙමින් ජනපති කියයි වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම…

(0)Comments | January 28, 2025 11:19 am

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිතය. අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ…

(0)Comments | January 28, 2025 10:47 am

උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ CBSL වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය (SME) වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය. මෙම වාර්තාව 2024…

(0)Comments | January 28, 2025 10:07 am

වසර 28කට පසුව ක්‍රියාත්මක වූ අපනයන සංවර්ධන අමාත්‍ය සභාව

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා – ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි. නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට…

(0)Comments | January 27, 2025 4:56 pm

වාර්තා තබමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ දිගින් දිගටම අලුත් වන වාර්තාවන් නැවත වරක් බිඳ දමමින් අද (27) ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.81කින් ඉහළ ගොස් ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් සනිටුහන් කරමින් ඒකක 17,044.67 ක් ලෙසින් සටහන් විය. පසුගිය ජනවාරි 23 වනදා පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කරනු ලැබීය. මේ…

(0)Comments | January 27, 2025 4:19 pm

ව්‍යාපාර විශ්වාසය ඉහළට. වසර 10කට පසු වැඩිම අගය 2025 ජනවාරියේ දී

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හා මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන PEPPERCUBE විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-PEPPERCUBE Business Confidence Index හෙවත් BCI දර්ශකය 2025 ජනවාරි මාසය තුළ දී පදනම් අංක 24ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව 2025 ජනවාරි මාසය වන විට විට මෙම BCI දර්ශකයේ අගය 198…

(0)Comments | January 27, 2025 4:16 pm

රුපියල අවප්‍රමාණය වෙලා

2025 වසරේ ජනවාරි 01 සිට ජනවාරි 24 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණයක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය සතිපතා ආර්ථික දර්ශක වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි මෙම වකවානුව තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට එරෙහිව 2.1%කින් අවප්‍රමාණය වී තිබේ. 2024 වසර තුළ දී ශ්‍රී…

(0)Comments | January 27, 2025 2:33 pm