Top News

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 17,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය. අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණි. මේ අතර අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79 ක්…

(0)Comments | January 23, 2025 12:58 pm

සංචාරක පැමිණීම 150,000 ඉක්මවයි

2025 වසරේ පළමු දින 19 තුළ දී සංචාරකයින් 153,761 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දෙයි. ජනවාරි මාසයේ ගත වූ පළමු සති දෙකෙහිම පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර තෙවන සතියේ පළමු දින පහ තුළ 41,347ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. මෙම කාලපරිච්ඡේදය තුළ…

(0)Comments | January 23, 2025 10:15 am

බෙන්ජි ඇපරල්ස් ඇ.ඩො.මිලියන 35ත් සමග ඉතාලි ආයෝජන තව දුරටත්

1999 දී, ප්‍රසිද්ධ ඉතාලි ව්‍යාපාරික සමාගමක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇඟලුම් අංශයේ ආයෝජනය ආරම්භ කළේය. එය නමින් කැල්සෙඩෝනියා ආයතනය නම් විය. මෙම සමාගම පසුව ඔමේගා ලයින්  නමින් ඇගලුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කළේය. ඔමේගා ලයින්   සමාගම මුලින්ම යුරෝපීය වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කළ අතර, පසුව සිරියෝ ලිමිටඩ් සහ ඇල්ෆා ඇපරල් ඇගලුම් ආයතනවලද  ආයෝජන සිදු කළේය. බෙන්ජි…

(0)Comments | January 23, 2025 10:12 am

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළේය. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ…

(0)Comments | January 22, 2025 4:30 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. පිරිවැටුම රු. බිලියන 10 පනී

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසය නැවත වරක් අලුතින් ලියැවුණු දිනයක් ලෙසින් අද (22) දිනය හැඳින්විය හැකිය. ඒ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ දක්වා ඉතිහාසයේ ඉහළම සංධිස්ථානය වූ ඒකක 16,828.80 ක් දක්වා ඉහළට ඒමට සමත්වීමත් සමගිනි. එහිදී අද දිනය තුළ ඒකක 231..64 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. මේ අතර S&P SL20 දර්ශකය…

(0)Comments | January 22, 2025 3:51 pm

ජනපති අනුර චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද…

(0)Comments | January 22, 2025 11:02 am

තේ සෙස් බද්දෙන් 2024 දී රු. බිලියන 1.61 ක ආදායමක්. සියල්ල මහා භාණ්ඩාගාරයට

තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද හරහා පසුගිය 2024 වසරේ දී රු. මිලියන 1,618.23 ක ආදායමක් උපයා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අද (22) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර…

(0)Comments | January 22, 2025 10:52 am

මුදල් අමාත්‍යාංශ්‍ය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ගිවිසුමක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන්කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනුයේ, පේරාදෙණිය – බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි…

(0)Comments | January 22, 2025 10:08 am

සංකේන්ද්‍රණය වී ඇති ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් මෙවර අයවැය ඉදිරිපත් කරනවා – ජනපති

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි. ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය…

(0)Comments | January 22, 2025 8:57 am

ජාතික උද්ධමනය තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ -1.7% සිට 2024 දෙසැම්බර් මාසයේ දී -2.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී 2024 නොවැම්බර් මාසයේ දී 0% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -1.0% ක් දක්වා පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය…

(0)Comments | January 21, 2025 3:54 pm