කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්,…
-ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් දුප්පත්කම සහමුලින්ම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි – ජනපති රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති…
කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023‑06‑26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට…
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය ශ්‍රී ලංකාවට මෙම තීරණාත්මක කාලය තුළ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සඳහා වටිනාකමක් එක්…
සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු පොල්වතු ඉන්දියාවේ අමුල් සමාගමට ලබා දීමට පසුගිය රජය විසින් කටයුතු කරමින් සිටි බව දන්නේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ…
ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත….
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරන ලදී. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස්…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 3.01ට සාපේක්ෂව 29%ක පහළ යාමක් වේ. පසුගිය කාර්තුවේ මෙම…
2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ. ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන…
ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් ලුමාලා සේවකයෝ රජයට බලකරයි දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති. දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය…
Video Story