ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එ.ජ….
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 සීමාව අද දින යළි පසුකරනු ලැබීය. ඒ දිනය තුළ ඒකක 72.17 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එය සමත්වීමත් සමඟිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 13,054.27 ක් ලෙසින් වාර්තා විය. මෙම සතියේ අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පසුබෑමකට මුහුණ දුන් අතර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටී. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සඳහායි. මෙම තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් හෙට (23) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය. ඒ…
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානතම ආයතනය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (NPP) මෙවර මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක්කර සිටී. එමෙන්ම සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද සංගමයේ සුභ පැතුම් පිරිනැමීය. තවද වැවිලි කර්මාන්තය…
2024 නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළදී විදෙස් සංචාරකයින් 120,961ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,741,676 ලෙසයි. නොවැම්බර් මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 26,717ක් ලෙසින් සටහන්ව…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ -0.2% සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී -0.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.45 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 13,000 සීමාවෙන් මෙපිටට පැමිණ තිබෙනු දැකගන්නට ලැබුණි. එහි අගය වාර්තා වූයේ ඒකක 12,982.10 ක් ලෙසිනි. S&P SL20 දර්ශකය අද දිනය තුළ දී ඒකක 58.36කින් පහළ ගොස්…
2024 නොවැම්බර් 20 වැනි දින සිංගප්පූරුවේ පැවති “FTE APEX Asia Expo” හි දී මධ්‍යම/දකුණු ආසියාවේකලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා විනෝදාස්වාද සඳහා වූ “2025 APEX Best Entertainment” සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත්විය. ගුවන් සමාගම් 600 කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම…