සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද (21) උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී. ඒ සමඟ සංචාරක පාරදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන තුන්වන සමාලෝචනයට අදාල කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම මෙම මස 23 වනදා සිඳු කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අද (21) පවසා සිටියේය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ එළිදක්වමින් ඔහු මේ බව පවසා සිටියේය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අපි මේ ආර්ථිකය…
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන (SLMP) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ උත්සවය පසුගියදා කොළඹ, සිනමන් ලයිෆ් හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නිත්‍ය ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රය සැළකිය යුතු ලෙස ඉදිරියට රැගෙන ගිය වසර 14ක හවුල්කාරීත්වයේ විධිමත් අවසානය සනිටුහන්…
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් 2024…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම ‘මතක’ නිපැයුම් එකතුව පසුගියදා පැවති ‘Sri Lanka Design Festival’ හිදී එළිදක්වන ලදි. 2024 නොවැම්බර් 06 සිට 11 දක්වා ‘Cinnamon Life’ හිදී පැවැත්වුණු මෙම වැඩසටහනේ නිල ගුවන් සේවා සහකරු ලෙස කටයුතු කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. 2021 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘මතක’ සන්නාමය හඳුන්වා දෙන ලද්දේ එම ගුවන් සේවය විසින් භාවිතා කර ඉවත්…
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක…
2024 නොවැම්බර් මස 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස් සංචාරකයින් 103,315 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සංඛ්‍යාවත් සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,724,030 ක් දක්වා ඉහළ ගොස් ඇත. නොවැම්බර් මාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 23,660ක් ලෙසින් සටහන් වේ. මීට අමතරව රුසියාවෙන්…
2025 ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ මෙහෙයුම් නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව 2025 ජනවාරි 01 වැනි දින නිවාඩු දිනයක් ලෙසින් සටහන්ව නොතිබුණි. මේ අතර ඊයේ (18) දින ඔහු විසින්ම සංශෝධිත නිවාඩු දින…
කොළඹ කොටස් වෙළෙඳපොළ මල දර්ශකවල පසුබැස්මක් අද (19) දිනයේ දී වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 7 ක වර්ධනයකින් පසුවය. ඒ අනුව අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 125.63කින් පහළ ගොස් ඒකක 13,105.38 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 66.00කින් පහළ ගොස් ඒකක 3,914.23 ක් ලෙසත් දිනය…
2024 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්හි තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 58.1ක් දක්වා ඉහළ ගියේය. සෑම වසරකම පරිදි, උත්සව සමය එළඹීමේ දී භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යෑම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ…