JAAF, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තු වෙයි ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට,…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් වටිනාකම් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 286.74 ක් ලෙසත් විකුණුම් මිල රු. 295.76 ක් ලෙසත් වාර්තා වී ඇත. මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු…
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන…
සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ…
මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා නොවැම්බර් 18 වැනිදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ. මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන…
අද (18) පෙරවරු කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ද, දිනයේ පසුභාගය වන විට එම තත්ත්වයේ මන්දගාමී වීමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.21 කින් ඉහළ ගොස් ඒකක 13,231.01 ක් ලෙසින් සටහන වූ අතර පෙරවරුවේ දී මෙම අගය එක් අවස්ථාවක දී ඒකක 13,438…
ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කොට ඇති අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘතිය මෙගාවොට් 250 (MW) ක ධාරිතාවකින් සමන්විතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදු කරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිම කිරීමට අපේක්ෂිතය. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහාය වීම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 292.19 ක් ලෙසින් වාර්තා කර තිබේ. මෙය 2023 ජූනි 08 දිනෙන් පසු වාර්තා වී ඇති ඩොලරයක පහළම නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) වේ. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු….
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සමුළුව නොවැම්බර් මස 26 වන දින කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වේ.සමළුවේ ලියාපදිංචිය සදහා ඇත්තේ තව දින 7ක් පමණි. මේ වන විට ඉන්දියාව, ප්‍රංශය , සෞදි අරාබියාව, කාම්බෝජය, මාලදිවයින, යන රටවල් සමුළුවට සහභාගී වීමට ලියාපදිංචි වී ඇත. එම ආයතන සමග B2B සාකච්ජා සදහා…
අභිනවයෙන් පත්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…