Top News

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

(0)Comments | September 13, 2024 6:55 pm

PickMe මූලික කොටස් නිකුතුවට ඉහළ ඉල්ලුමක්

අද (13) දින විවෘත කෙරුණු Digital Mobility Solutions Lanka Limited හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. Digital Mobility Solutions Lanka Limited යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවා සැපයුම්කරුවකු වන PickMe හි මෙහෙයුම් සමාගමයි. Digital Mobility Solutions Lanka Limited හි 43,474,179 ක් එකක් රු. 36/- බැගින් මෙම…

(0)Comments | September 13, 2024 1:57 pm

සංචාරක පැමිණීම දහ හතර ලක්ෂය ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව දහ හතර ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 11 තුළ 44,977 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සමඟම වසරේ මේ දක්වා කාලය තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව…

(0)Comments | September 13, 2024 1:26 pm

අද විවෘත වීමට නියමිතව තිබූ LTL හෝල්ඩිංග්ස් මූලික කොටස් නිකුතුව කල් යයි

අද (13) දින විවෘත කිරීමට නියමිතව තිබුණු LTL හෝල්ඩිංග්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව, සැලසුම් කළ පරිදි අද දින විවෘත නොකරන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ. මෙම මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එය 2024 සැප්තැම්බර් 10 වන දින විවෘත කෙරෙන බව නිවේදනය කළ අතර පසුව එය අද, එනම් සැප්තැම්බර්…

(0)Comments | September 13, 2024 11:52 am

උපාය මාර්ගික හවුල්කාරිත්වයක් වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශික පුද්ගලයන් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී. CSE ජංගම යෙදුම හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයේ (CDS) ගිණුම් විවෘත කිරීමේදී විදේශික පුද්ගලයන් හට ආමුඛ ආයෝජන ගිණුම් ඉල්ලුම් කිරීමට මෙම සහයෝගිතාව හරහා හැකිවනු ඇත. කාර්යක්‍ෂම සහ…

(0)Comments | September 13, 2024 11:15 am

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සියෙරා කේබල්ස් අයිතිය වැඩිකර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් සිදුව තිබේ. ඒ අනුව සියෙරා කේබල්ස් හි අංක 1 කොටස් හිමියා වන Iconic Trust (Private) Limited, 29.18% ක් වූ සිය කොටස් හිමිකාරීත්වය30.42% ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. ඒ පසුගිය 11 දා සිදුකළ කොටස් මිල දී ගැනීමන් සමඟිනි. එම කොටස්…

(0)Comments | September 13, 2024 6:22 am

එක්ස්පෝලංකා වෙතින් මහජනතාවට දැනුම් දීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, අද (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී සිටී. මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් මහජනතාව වෙත ප්‍රසිද්ධ දැනුම්දීමක් කරමින් පවසන්නේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවෙන් “පොදු ලැයිස්තුගත සමාගමක්” වශයෙන් පැවත…

(0)Comments | September 12, 2024 1:58 pm

ජනාධිපතිවරණය අබියස මහ බැංකුවේ තීරණයක් කල්යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2024 වසර ආරම්භයේ දී 05 වන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම, 2024 සැප්තැම්බර් 20 වන දිනට කාලසටහන්ගත කර තිබුණි. කෙසේවෙතත් අද (12) පෙරවරුවේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…

(0)Comments | September 12, 2024 10:57 am

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහනට PATA Gold සම්මානයක්

ශ්‍රීලංකන් ගුවන් සේවය 2024 අගෝස්තු 28 දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු Pacific Asia Travel Association (PATA) Gold Awards 2024’ හිදී “Marketing-Carrier”  කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙය ජාත්‍යන්තර අලෙවිකරණ සන්නිවේදන කටයුතුවලදී ශ්‍රීලංකන් ගුවන් සේවය අත්කරගෙන ඇති සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙම සම්මානය හිමි වූයේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාවට නංවන ලද ‘Colours of Jaffna’ ප්‍රවර්ධන…

(0)Comments | September 12, 2024 10:43 am

කුලියාපිටියේ දී Western Automobile Assembly Private Limited සිය නවීනතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කරන වගයි

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අප දේශය ආර්ථික සංවර්ධනය කරා ගෙන…

(0)Comments | September 11, 2024 1:58 pm