ශ්‍රි ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය එළබෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසයි. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පවසා සිටියා ය. ශ්‍රි ලංකාවේ ආර්ථික තත්ත්වය ධනාත්මකව පැවතියද ගෝලීය වෙළඳපොළ ප්‍රතිපත්ති සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මෙරට ආර්ථික දැක්මට…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (24) දිනය අවසානයේ යළිත් අලුත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 136.16කින් ඉහළ ගොස් ඒකක 19,379.24ක් ලෙසින් සටහන් විය. අද S&P SL 20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 45.82කින් ඉහළ ගොස් ඒකක 5,735.44ක් ලෙසයි. අද සමාගම් 139ක කොටස්…
වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ (JCETC) තුන්වන සැසිවාරය වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹදී ආරම්භ විය. දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව…
2010 සිට, ජපාන රජය පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටී. මෙම ශිෂ්‍යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර (JDS) වැඩසටහන හරහා ප්‍රදාන පදනමක් මත පිරිනමනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ජපන් රජය විසින් නිල සංවර්ධන ආධාර යටතේ අරමුදල් සපයනු ලබන…
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පැවැත්විණි. රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් සංවිධාන කරනු ලබන SL-MICE Expo 2025 ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් මස 22 සිට 26 දක්වා කොළඹ කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිතය. දේශීය හා ජාත්‍යන්තර MICE සංචාරක ව්‍යාපාරයට සිය නිෂ්පාදන, සේවා සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම ප්‍රමුඛතම ප්‍රදර්ශනය තුලින් සුවිශේෂී වේදිකාවක් සපයා දීම ශ්‍රී ලංකාව ගෝලීය MICE සංචාරක ව්‍යාපාරය තුළ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස…
මෙරට දිනකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක් සිදු වන අතර ඉන් ගනුදෙනු ලක්ෂ 8ක් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගින් සිදු වන බවත් තවත් ගනුදෙනු ලක්ෂ 6ක් ඔන්ලයින් ගනුදෙනු ලෙස සිදුවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පවසා සිටියි. ඊයේ (23) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා…
අගෝස්තු මස 2 වනදා විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මින් පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුනත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම අවස්ථාවට සහභාගී නොවන බව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කෙරුණි. නමුත් City of Dreams Sri Lanka යලිත් වරක් නිවේදනය කර…
වාහන ආනයනය සීමා කිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිඳු තීරණයක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි. “ප්‍රශ්නය – පසුගිය දින වල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය….
Video Story