චීනය සහ ඇමරිකාව යා කිරීමට මුහුද යටින් අධිවේගී දුම්රිය මාර්ගයක්

    May, 21, 2014

    චීනය සහ ඇමරිකාව ලෝක ආර්ථික බලය අල්ලා ගැනීම සඳහා සීතල යුද්ධයක පැටලී සිටී. මේ වනවිට, ලෝක ආර්ථික බලවතා ඇමරිකාව වුවත් මේ වසර අවසන් වනවිට චීනය ආර්ථික බලවතා වනු ඇතැයි වාර්තා පළවී ඇත.

    මේ අතර, වාර්තා වන්නේ ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය හිමි චීනය විසින් චීනයේ සිට ඇමරිකාව දක්වා මුහුද යටින් දිවෙන අධිවේගී දුම්රිය මාර්ගයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවයි.

    මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් මෙම රටවල් දෙක අඩුම ගණනේ ගමනා ගමනය අතින් යාවෙනු ඇතිබව විශ්ලේෂකයින් පවසා තිබේ.

    නමුත්, ඔවුන් සඳහන් කර තිබෙන්නේ මෙම යෝජනාව එතරම් ප්‍රායෝගික එකක් නොවන බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates