ලෝක පූජිත ඇමරිකානු ක්‍රීඩකයා පින්නවල අලි සෙල්ලමේ

    August, 18, 2014

    කාලයෙන් කාලයට මෙරටට ලෝක පූජිත ක්‍රීඩකයින්, නළුවන්, ගායකයින් වැනි ජනප්‍රිය පුද්ගලයින් සංචාරය සඳහා පැමිණේ. මේ එවැනි පුවතකි.

    අඩි හයකුත් අඟල් 11 ක් උස ලෝක පූජිත ඇමරිකානු පැසි පන්දු ක්‍රීඩක ක්‍රිස් බොෂ් සිය සුරූපී බිරිඳ සමග පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

    මෙම දෙපොළ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගොස් අලින් සමග එක්ව ගත් ඡායාරූප මේ වනවිට අන්තර් ජාලයට මුදාහැර තිබෙන අතර මෙවැනි සංචාරකයින් පැමිණීම නිසා ලංකාව විදේශිකයින් අතර තව තවත් ජනප්‍රිය වේ.

    ක්‍රිස්ට්‍රෝපර් වෙසන් ක්‍රිස් බොෂ් නැමති 30 හැවිරිදි මෙම ලෝක පූජිත ක්‍රීඩකයා “CB4“ යන සුරතල් නාමයෙන්ද හඳුන්වයි.