CIFL විරෝධයට මහ බැංකුවෙන් ප්‍රතිචාරයක් නැහැ

    January, 18, 2018

    සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරමින් 2017 දෙසැම්බර් 18 දින සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරනු ලැබූ ඉල්ලීම් සඳහා මහ බැංකුවෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පවසයි.

    සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මේ බව කියා සිටින්නේ එහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ලක්ෂ්මන් රූපසිංහ ගේ අත්සනින් යුතු ලිපියක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවමිනි.

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යාම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 නොවැම්බර් 06 වන දින තීරණය කරන ලදී.

    මේ සම්බන්ධයෙන් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

    පහතින් දැක්වෙන්නේ 2017 දෙසැම්බර් 18 දින මහ බැංකුවේ තීරණයට විරෝධය පළකරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීම සඳහා යවා ඇති ලිපියයි.