CK Hutchison සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි

    December, 4, 2018

    2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර ඇත.

    මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර එටිසලාට් සමූහයට එහි 15%ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.