CMA සාමාජිකයින්ට සමාගම් ලේකම් වරම්

    February, 22, 2017

    ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ (Institute of Certified Management Accountant of Sri Lanka) සාමාජිකයින්ට ද සමාගම් ලේකම්වරුන් ලෙස ලියපදිංචි වීමට අවසර ලබා දෙමින්, 2007 අංක 07 දරන සමාගම් පනතේ 527 වගන්තිය යටතේ තමන් විසින් සාදන ලද 2016 12 20 දිනැති, 1998/11 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 'සමාගම් (ලේකම්වරයන් පිළිබඳ) නියෝග', අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.