COVID-19ට එරෙහි සටන ජයග‍්‍රහණය කරවීමට පුද්ගලික රෝහල් සංගමය රජය සමඟ එක් වෙයි

    April, 10, 2020

    කොරෝනා වයිරස් වසංගතය පවතින මෙම තීරණාත්මක කාල පරිච්ඡ්දයේදී සිය සංගමය රටේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවී සිටින බවත් ඒ සඳහා අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවත් පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම වසංගතයට එරෙහි සටන ජයගැනීමට එම වෛරසය පැතිරීම, රෝග විනිශ්චය හා ප‍්‍රතිකාර ආදිය සම්බන්ධයෙන් රජය හා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති නියෝග අඛණ්ඩව ඉතා උනන්දුවෙන් අනුගමනය කරනු ඇත. සෞඛ්‍ය අත්‍යවශ්‍යය සේවාවක් වන අතර රෝගීන් අපේක්ෂා කරන ආකාරයේ සත්කාර මට්ටමක් සහතික කරමින් පුද්ගලික රෝහල් පැය 24 පුරාම ක‍්‍රියාත්මක වේ. ඔවුන්ගේ හදිසි සේවා හා අනෙකුත් බාහිර හා නේවාසික සායනික පහසුකම් සාමාන්‍ය පරිදි සේවාවන් අඛණ්ඩව සපයනු ඇති අතර රජය මේ වන විට COVID-19 ආසාදිත රෝගීන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති නිසා එමගින් රජයේ සෞඛ්‍ය අංශයට ඇති වැඩ ප‍්‍රමාණය අවම කර ගත හැකි බව පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය අවධාරණය කරයි.

    මෙවැනි පීඩාකාරී හා අභියෝගාත්මක කාලවලදී රජය විසින් පත් කර ඇති කොරෝනා වයිරසය වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රයත්නයට ඔවුන් සහයෝගය දක්වන බව හා එයට ප‍්‍රශංසා කරන බව ද සංගමය නැවත අවධාරණය කරමින් පවසයි.

    රට පුරා පිහිටි පුද්ගලික රෝහල් COVID-19 වසංගත තත්වයට ක්ෂණික ප‍්‍රතිචාර දැක් වූ අතර ඔවුන්ගේ රෝහල්වලට විශාල වශයෙන් ඇදී එන රෝගීන් පාලනය කිරීමට දැඩි පියවර ගෙන ඇත. එහිදී රෝහලට රෝගීන් රැුගෙන එන විට අනෙක් රෝගීන්ගෙන් බරපතල තත්වයේ පසුවන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමේ ක‍්‍රියාවලිය මෙහිදී ප‍්‍රධාන වේ. එහිදී, සැක සහිත COVID-19 රෝගීන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීම හා ඔවුන්ව නියම කර ඇති රජයේ රෝහල්වලට යොමු කිරීම, සැක සහිත රෝගීන් හා කාර්ය මණ්ඩලය සඳහා මුව ආවරණ ඇතුළු පුද්ගලික ආරක්ෂණ උපකරණ සැපයීම සහ සියලූම රෝගීන්, අනෙකුත් පුද්ගලයින්, කාර්ය මණ්ඩලය හා ප‍්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ආසාදන පාලන නීති රීති පිළිපැදීම ආදිය දැක්විය හැකිය.

    මාර්තු 13 වන දින සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නියෝගයකට අනුව පුද්ගලික රෝහල් COVID-19 රෝග ලක්ෂණ ඇති බවට සැක කරන හෝ රෝග ලක්ෂණ ඇති රෝගීන් ඇතුලත් කර නොගන්නා අතර ඒ වෙනුවට COVID-19 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කරන ලද රජයේ රෝහල්වලට ඔවුන් යොමු කරන ලදී. සමහර පුද්ගලික රෝහල් සැක සහිත රෝගීන් නොමිලේ ප‍්‍රවාහනය කර ඇති අතර මෙම සේවාව අඛණ්ඩවම ලබා දෙයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව මේ දක්වා, සංගමයේ කිසිඳු සාමාජික රෝහලක් COVID-19 PSR පරීක්ෂාව බාහිර රෝගී පරීක්ෂණයක් ලෙස සිදු නොකරන බව නිවේදනය පැහැදිලි කරයි.

    2020 මාර්තු 18 චක‍්‍රලේඛයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අණුක රෝග විනිශ්චය පරීක්ෂණ පහසුකම්වලින් සමන්විත ඇතැම් පුද්ගලික රෝහල්වලට නියමිත කොන්දේසිවලට අනුකූලව COVID-19 PSR තහවුරු කිරීමේ පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබා දී ඇත. රෝහලට ඇතුලත් කර ඇති රෝගීන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

    කෙසේ වෙතත් COVID-19 සැක සහිත රෝගීන් ඇතුළත් කිරීමට පුද්ගලික රෝහල්වලට අවසර නොමැති නිසා දැඩි නීති රීති වලට යටත්ව එවැනි පරීක්ෂණයක් බාහිර රෝගී (OP) සේවාවක් ලෙස කළ යුතු බව සංගමයේ අදහසයි.

    පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ සභාපති හා හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘මෙම COVID-19 PSR පරීක්ෂාව ශ්‍රී ලංකාවේ අනාගතයේදී අප අපේක්ෂා කරන ආකාරයට රෝගය පැතීරීමේ අවදානම ආපසු හැරවීමට හෝ ආසාදිත රෝගීන් සංඛ්‍යාව අවම මට්ටමක තබා ගැනීමට මෙම COVID-19 PSR පරීක්ෂාව අපගේ සාමාජිකත්වය තරයේ නිර්දේශ කරනවා’’ යනුවෙන් පැවසුවේය.

    වෛරසය පැතිරීමේදී ඉතා ඉක්මනින් පරීක්ෂණ ධාරිතාව ඉහළ නංවා ගැනීමට සහ ආසාදනය පාලනය කිරීම සමත් වූ අනෙක් රටවලින් ආදර්ශයන් ලබා ගැනීම සඳහා පරීක්ෂණවලට ප‍්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ඔහු සඳහන් කළේය.

    ‘‘අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රටේ සම්පත් සූදානම් කරමින් කොරෝනා වෛරස් නිවාරණ කාර්ය සාධක බලකායක් ඉක්මනින් පිහිටුවීමට හැකි වීම සම්බන්ධයෙන් සංගමය වෙනුවෙන් මා එතුමාට කෘතඥතාව පළ කිරීමට කැමතියි. එමෙන්ම ගරු සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, සෞඛ්‍ය වෘත්තිකයින්, සෞඛ්‍ය සේවකයින් හා රැකබලා ගන්නන් ඇතුළු ත‍්‍රිවිධ හමුදාවට හා පොලීිසියට ඔවුන්ගේ විශිෂ්ට සේවය වෙනුවෙන් සහ මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම පිළිබඳව මාධ්‍යට අප බොහෝ සෙයින් කෘතඥ වනවා’’ යනුවෙන් ආචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    දිවයිනේ පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස 150කට අධික සංඛ්‍යාවක් ඇති පුද්ගලික සෞඛ්‍ය අංශය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවයට, විශේෂයෙන්ම නව තාක්ෂණයන් හා කැපී පෙනෙන සායනික ප‍්‍රතිලාභ ගෙන ඒමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයිx මෙම රෝහල් බොහොමයක් අතිවිශේෂ, තෘතියික සත්කාර සපයමින් රෝගියාට තේරීමක් කිරීමට අවස්ථාවක් ලබා දෙයි.