April, 25, 2020
COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් මෙසේ කියා සිටී.
කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. මෙම අවධානම් කාල පරිච්ඡේදය තුළ දී පවා ගුවන් සමාගම විදේශ විනිමය තුළින් අත්‍යවශ්‍ය ආදායමක් රට තුළට ගෙන ඒමට කටයුතු කරමින් සිටියි.
අවශ්‍යතා ඇති සෙසු ශ්‍රී ලාංකිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින්, අවශ්‍ය විටෙක සහ අවශ්‍ය පරිදි විශේෂ මගී ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරනු ඇත.
වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ලගම ඇති ශ්‍රීලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ. එසේම වැඩි විස්තර සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.
Video Story