May, 5, 2020
මෙම නවත ම රොබෝ යන්ත්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.
ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/මෙහෙයුම් අධ්යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම මෙම ව්‍යාපෘතිය දියත් කළහ. මෙය, එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මින් පෙර නිර්මාණය කරන ලද රොබෝ යන්ත්රයක්වන අතර එම සමාගමේ ඉංජිනේරු අංශය විසින් එය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතාවලට සරිලන පරිදි වැඩිදියුණු කරන ලදි.
Video Story