COYLE සහ JETRO එක්ව ශ්‍රී ලංකාවේ මුල් වරට ආයතන අතර සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙලක් සංවිධානය කරයි

    August, 8, 2018

    ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය Young Lankan Entrepreneurs (COYLE) හා ජපාන බාහිර වෙළද සංගමය Japan External Trade Organization (JETRO) ඒකාබද්ධව  මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලසංවිධානය කිරීමට යයි.

    සෞඛ්‍ය හා ඵලදායිතා ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍යහා අනුබද්ධ ආයතන ඇගයීම සඳහා වන මෙම සම්මාන උළෙල 2019 පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව  ඇති අතර ඊට සමගාමී වැඩසටහන් පෙළක්ද මීට අයත්වෙයි.

    මේ යටතේ සෞඛ්‍ය හා ඵලදායිතා කොටස් තෝරාගැනීම“ යන මාතෘකාව යටතේ ජපාන ආර්ථිකවෙළඳ හා කර්මාන්ත (METI) අමාත්‍යංශය සහ ටෝකියෝ කොටස් වෙළඳ පොළ ඒකාබද්ධව වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබේ.  දීර්ඝ කාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන්  කොටස් වෙළඳ පළ තුළ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්වෙයි.

    මීට සමගාමීව   පැවැත්වෙන සෞඛ්‍ය වැඩසටහන් මඟින් ක්ෂේත්‍රය තුළ ක්ෂණිකව වෙනස් වන ආර්ථික පසුබිමක් යටතේ  උපරිම  කාර්ය සාධනයක් ඇති කිරීම පීලිබදව අවබෝධයක් ලබාදීමට අපේක්ෂිතය. සබදතා වැඩිදියුණු කරගැනීමඅතහැර නොදැමීමඵලදායිතාව සහ කාර්යසාධනය යනාදී අංශ ඔස්සේ ධනාත්මක චින්තනයකින් කටයුතු කරන උසස් තත්වයේ නිෂ්පාදන තිළිණ කරන සහ උසස් පාරිභෝගික සේවාවක් සපයන  කාර්යමණ්ඩලයක් බිහිකර ගැනීම, යනාදී අරමුණු වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජාත්‍යන්තර මට්ටමේ ආයතන සියල්ලක්ම පාහේ මේ වනවිට සිය ඵලදායිතාව සහ කාර්ය සාධනය ඉහළ නැංවීම සදහා අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටියි. මෙහිදී බොහෝ ආයතන පවතින තරඟකාරී රාමුව තුළ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ  දෙන අවස්ථා ඇත.

    මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුව ඇමතූ COYLE හි සභාපති දිනුක් හෙට්ටිආරච්චි  මහතා සඳහන් කළේ  ජාත්‍යන්තර පිලිගැනීම වන්නේ  ඕනෑම සංවිධානයක විශිෂ්ටතම වත්කම ලෙස  ජනතාව හැඳින්වීම බවයි. මේ නිසා සමාජයක සාමාජිකයින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම  ආයතනික උපායමාර්ගිකත්වය කෙරෙහි සෘජුවම බලපාන බව ඒ මහතාගේ අදහසයි. සෞඛ්‍ය සම්පන්නසතුටින් සේවය කරන සේවක මඩුල්ලක් සිය ආයතනය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අතිශය වැදගත් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ නිසා මෙම වැඩපිළිවෙල යටතේ අයතන සහ සේවක මඩුල්ල යන දෙපාර්ශවයටම ජය- ජය මාදිලියේ විසඳුමක් වශයෙන් සෞඛ්‍යසම්පන්න භාවය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    JETRO හි මෙරට නේවාසික නියෝජිත මසටොමෝ ඉටොනගා  සඳහන් කළේ පසුගිය වසර කිහිපය පිළිබඳව සලකා බැලූ විට ලෝක ආර්ථිකය තුළ අතිශය තරඟකාරී ව්‍යාපාර විසඳුම් වලින් ශ්‍රී ලංකික සේවක ප්‍රජාව  ඉවත්වන තත්වයක්  දක්නට ලැබෙන බවයි. මීට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර තරඟකාරී පසුබිමකට සුදුසු  සෞඛ්‍ය සම්පන්න භාවයෙන් හෙබි ශ්‍රමිකයින් නොමැති වීම  බවත්මේ නිසා තම සේවක මණ්ඩලයේ කාර්ය සාධනය ඉහළ මට්ටමකට ගෙන ඒම ආයතනවල කළමණාකාරවරුන්ගේ සහ විධායකයින්ගේ  වගකීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙම සම්මාන උළෙල සඳහා සහභාගි වන මෙරට සියලු ආයතන මහා පරිමාණ,මධ්‍යමසහ සුළු පරිමාණ ආදී වශයෙන් කොටස් කිහිපයකට වර්ග කෙරෙන අතර එය ඒ ඒ ආයතනවල සේවක මණ්ඩලයේ ප්‍රමාණය මත තීරණය කෙරේ.

    එම එක් එක් ආයාතන සිය සේවක පාර්ශවයේ සෞඛ්‍ය තත්වය මෙන්ම කාර්ය සාධනය ඉහල දැමීම සඳහා   ගෙන ඇති පියවර මෙන්ම එතුළින් සිය ඉලක්ක සපුරාගෙන ඇති ආකාරය පීලිබඳ මෙහිදී ඇගයීමට ලක්වෙයි.  ISO, PAS ආදී  වශයෙන් වන ජාත්‍යන්තර පිළිගැනීම සහිත ප්‍රමුඛ නියාමන 5ක් ඔස්සේ මෙහිදී ජයග්‍රාහී සේවා ස්ථාන ඇගයීමට ලක්වෙයි. එම කාර්යයේදී ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා කළමණාකරණ දර්ශක සහ ප්‍රතිපත්තිඑම එක් එක් ආයතන  විසින් අනුගමනය කර ඇති ආකාරය පිළිබඳව ප්‍රධාන වශයෙන් සළකා බලනු ලබයි. මෙහිදී භාවිත කෙරෙන මිනුම් දඩු ඔස්සේ එම ආයතන වල සෟඛ්‍ය හා ඵලදායිතාව වර්ධනය වන අතර ඒ යටතේ නීති නියාමන සහ ආපදා කලමණාකරණ ආදී අංශ පිළිබඳව ද සලකා බලනු ලබයි.

    1999 වසරේදී පිහිටුවනු ලැබූ COYLE ආයතනය මෙරට තරුණ ව්‍යවසායකයින් 120දෙනෙකුගෙන් පමණ සැදුම් ලත් මණ්ඩලයකි.  මෙහි සාමාජිකත්වය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර ජාල පවත්වාගෙන යන  ව්‍යවසායකයින් පිරිසකි. රජයේ  නිළධාරීන් ප්‍රතිපත්ති සම්පාදකයින්ප්‍රජා සංවිධාන,  ආදී පුද්ගලයින් සහ සංවිධාන සමඟ සමීපව කටයුතු කරන  COYLE සාමාජිකත්වය විශිෂ්ඨත්වය ඔස්සේ පිළිගැනීම“ යන්න තේමා කර ගනිමින් කටයුතු කරයි.

    JETRO යනු ජපාන රජය හා සම්බන්ධ ආයතනයක් වන අතර ජපානය සහ ලොව අනිකුත් රටවල් අතර වෙළඳ හා ආයෝජන  ප්‍රවර්ධන කාර්යයේ නිරතව සිටියි. මෙම ආයතනය 1958 දී පිහිටුවනු ලැබූවේ ජපාන අපනයන මණ්ඩලය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.  පසුව 21 වන සියවසට ගැලපෙන ආකාරයට සිය දර්ශනය වෙනස් කළ මෙම ආයතනය සෘජු ආයෝජන සඳහා  කුඩා හා මධ්‍ය පරිමාණ ජපාන ආයතන වලට මඟ පෙන්වන ආයතනයක් ලෙසින් කටයුතු කරයි.