CT ස්මිත් හෝල්ඩින්ග්ස් හි, 25% ක කොටස් හොංකොං සමාගමක් අතට

    May, 12, 2014

    හොංකොං පදනම් කරගත් CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහය විසින් CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 25ක කොටස් මිලදීගෙන තිබේ.

    CLSA ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ආයෝජකයින් මේ වනවිටත් පාකිස්තානය, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල ආයෝජනය කරන අතර CT ස්මිත් හෝල්ඩින්ග්ස් යනු කොළඹ කොටස් වෙළඳ පොළට විදේශීය ආයෝජන ගෙනවිත් තිබෙන ප්‍රධානතම සමාගමකි.

    මෙම මිලදීගැනීමත් සමගම CT ස්මිත් හෝල්ඩින්ග්ස් සමාගමේ නම CT CLSA හෝල්ඩින්ග්ස් ලෙස වෙනස් වන අතර CT ස්මිත් කොටස් තැරැව්කාර සමාගම වෙනස් කර තිබෙන්නේ CT CLSA සිකියුරිටීස් ලෙසයි.

    මේ අතර, CT කැපිටල් සමාගම CT CSLA කැපිටල් ලෙසද වෙනස් වේ.