Dear Baby කියා සුරූපි මැරලින්ට ලියූ ආදර හසුනට දැවැන්ත මිලක්. තිසර පටය ඩොලර් 20,000 කට විකිණේ

    December, 9, 2014

    50 සහ 60 දශකවල සරාගී ගිණි සිළුවක් ලෙසින් වැජඹුණු ඇමරිකානු නිළියක මෙන්ම නිරූපිකාවක වූ මැරලින් මොන්රෝ වෙත ඔහුගේ මුල්ම සැමියා විසින් ලියා තිබෙන ආදරණීය හසුනක් ඩොලර් 78,000 ක් තරම් අධික මිලකට විකිණී තිබෙන බව වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම පෙම්පත ලියා තිබෙන්නේ Joe DiMaggio නැමැත්තා බවත් මැරලින් මොන්රෝ පසුව ඔහුගෙන් දික්කසාද වී තිබෙන බවයි.

    ඉතාමත් ආදරණීය බස් වහරකින් ලියා තිබෙන මෙම පෙම්පතේ එක් තැනක මෙසේ සඳහන් වේ.

    “Dear Baby -- Don't know what you're [sic] thoughts are about me, but I can tell you I love you seriously, way deep in my heart, irregardless of anything,“

    මේ අතර, වාර්තා වන්නේ මෙම වෙන්දේසියේදී මැරලින් මොන් රෝ විසින් භාවිතා කළ තවත් භාණ්ඩ රැසක් අලෙවි වූ බවත් ඇයගේ තිසර පටයක් මෙහිදී ඩොලර් 20,000 කට අලෙවි වූ බවයි.

    Joe DiMaggio විසින් මැරලින්ට ලියූ ඓතිහාසික පෙම් හසුනද සේයාරුවල දැක්වේ. mmwwkjklfdhglk