Design Group Five International සමාගමට රු. මිලියන 63ක කොන්ත්‍රාත්තුවක්

    November, 14, 2019

    දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහා යෝජිත ආපදා අවදානම් අවම කිරීමේ නිරීක්ෂණ, පුරෝකථන සහ සන්නිවේදන කේන්ද්‍රයන්හි ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 63.43ක මුදලකට Design Group Five International (Pvt) Ltd වෙත ප්‍රදානය කිරිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.