DFCC බැංකුව වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සරයේදී තිරසාරත්වයේ වැදගත්කම අවධාරණය කරයි

    March, 29, 2024

    ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී "Forward Gear—Road to Economic Sustainability" යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය.

    DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්‍රධාන පෙළේ නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලදීද DFCC බැංකුව ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේ ය. එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා එහි ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ උප සභාපති ලෙසද කටයුතු කරයි. එමෙන්ම "Green Financing—The Road Ahead for Sri Lankan Banks" යන තේමාව යටතේ පැවති තාක්ෂණික සැසිය මෙහෙවයන ලද්දේ DFCC බැංකුවේ උප සභාපති (තිරසාරත්ව හා උපදේශන) නලින් කරුණාතිලක මහතා විසිනි.