Doing Business index 2020 ලැයිස්තුවේ 99 වැනි තැන ශ්‍රී ලංකාවට

    October, 25, 2019

    Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන "Doing Business 2020″ ට අනුව ශ්‍රී ලංකාව 99 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙය පසුගිය වසරට වඩා එක් පියවරක් ඉදිරියට ඒමකි.  ලෝක බැංකුව විසින් වාර්ෂිකව Doing Business index වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලබයි.

    2018 වසරේ දී Doing Business index දර්ශකයට අනුව 111 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසරේ දී 100 වැනි ස්ථානය දක්වා ප්‍රගතියක් අත්පත් කර ගැනීමට සමත්විය.

    2020 වසරේ දී ශ්‍රී ලංකාව තවත් එක් පියවරක් ඉදිරියට පැමිණීමට මේ අනුව සමත් වී තිබේ. රටවල් 190 ක් ඇසුරින් මෙම වර්ගීකරණය සිදුකරනු ලබයි.

    මෙවර වර්ගීකරණයේ පළමු ස්ථානය නවසීලන්තයට හිමිව තිබේ. දෙවන ස්ථානය සිංගප්පූරුව හා තෙවන ස්ථානය හොංකොං රාජ්‍ය විසින් තහවුරු කරගෙන ඇත. ඉන්දියාව 63 වැනි ස්ථානය දක්වා පියවර 14කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

    දකුණු ආසියානු කලාපයේ රටවලින් ඉන්දියාව (63), භූතානය (89 හා නේපාලය (94) ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අතර පකිස්තානය (108), මාලදිවයින (147), බංග්ලාදේශය (168) හා ඇෆ්ගනිස්තානය (173) ශ්‍රී ලංකාවට පසුපසින් සිටින රටවල් වේ.

    මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපානු ලබන අංශ 10 ක් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.

    එනම්,

    1. ව්‍යාපාරයක් ඇරඹීම
    2. ඉදිකිරීම් අනුමැති ලබාගැනීම
    3. විදුලිය ලබා ගැනීම
    4. දේපළ ලියාපදිංචිය
    5. ණය ලබා ගැනීම
    6. කුඩා පරිමාණ ආයෝජකයින්ගේ සුරක්ෂිතභාවය
    7. බදු
    8. දේශසීමා අතර වෙළෙඳාම
    9. බලාත්මක ගිවිසුම්
    10. වස්තුභංගත්ව විසඳුම්