Dreamron සමූහ ව්‍යාපාරයේ ජයග්‍රාහී 25 වන වසර සමරන ලදි

    March, 18, 2024

    කින්දායි කගාකු ලංකා පුද්ගලික සමාගම සිය අපනයන ව්‍යාපාරයේ ජයග්‍රාහී 25 වන වසර සමරන ලදි. මෙම කාලසීමාව තුළ කින්දායි කගාකු ලංකා ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශිස්ටතම කේෂාලකරන හා රූපලංකරන / සම ආශ්‍රිතව ගෝලීය වෙළෙඳ නාම නිෂ්පාදන සමාගම ලෙස ශ්‍රී ලංකාවේ සියලු රූපලාවන්‍ය සමාගම් අභිබවා ගොස් ඇත.

    කින්දායි කගාකු ලංකා පුද්ගලික සමාගම සියලුම මහද්වීප ආවරණය වන පරිදි රටවල් 27කට අධික ප්‍රමාණයකට නිෂ්පාදන අපනයනය කරන අතර, ගෝලීය වෙළෙඳ නාම 12කට අධික ප්‍රමාණයක් යටතේ සිය නිෂ්පාදන සිදු කරනු ලබයි. පුළුල් පරාසයක් පුරා විහිදුණු මෙම රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග සියයකට අධික හිසකේ වර්ණකාරක Straightener, Perm Product, Shompoo Conditioner සහ සම සඳහා  වන නිෂ්පාදනවලින් යුක්ත වේ. විශිෂ්ටතම නිෂ්පාදන ඉල්ලා සිටින පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා හිසේ සිට දෙපතුල දක්වා වන සියලුම ආකාරයේ රූපලාවන්‍ය නිෂ්පාදනයන් කින්දායි කගාකු ලංකා ආයතනය නිෂ්පාදනය කරනු ලබයි.

    1999 වසරේ දී ආචාර්ය ප්‍රියංක පෙරේරා විසින් ජපානයේ පිහිටි වසර 75කට අධික රූපලාවන්‍ය නිෂ්පාදන පිළිබඳ ඉතිහාසයක් ඇති ජපානයේ ප්‍රමුඛතම සමාගමක් වන Kindai Kagaku -Japan හි අනුබද්ධිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම සමාගම පිහිටවන ලද අතර, Kindai Kagaku -Japan ආයතනය විසින් සියලු තාක්ෂණික සහ රසායනාගාර සේවය Kindai Kagaku -Japan ආයතනය වෙත ලබා දෙන අතර, සියලුම නිෂ්පාදන ජපන් ආයතනය විසින් අධීක්ෂණය කරනු ලබන Formula යටතේ නිපදවනු ලබයි.

    වේගයෙන් ව්‍යාප්ත වූ ආයතන ව්‍යාපාරයෙන් දිරිමත් වූ ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා මෙම අද්විතීය රූපලාවන්‍ය නිෂ්පාදන මෙරට පාරිභෝගිකයන් හට භූක්ති විඳීමට ඉඩ ලබාදීම මහඟු යුතුකමක් සේ සලකා Dreamron යන නාමය යටතේ මෙරට වෙළෙඳ පොළට ද නිෂ්පාදනයන් හඳුන්වා දෙන ලදි. උසස් තත්ත්වයේ නිෂ්පාදන තරඟාකාරි මිලකට ලබාදීම තුළ සියලු දෙස් විදෙස් තරඟකාරී සමාගම් අභිබවමින් Dreamron වෙළෙඳ නාමය මෙරට වෘත්තීයමය රූපලාවන්‍ය වෙළෙඳපොළ තුළ වැඩිම වර්ධන වේගයක් ලබා ඇති සන්නාමය බවට පත් විය. වෙළෙඳපොළ අවස්ථා පුළුල් කරමින් තම වෙළෙඳපොළ කොටස තවදුරටත් පුළුල් කරගනු පිණිස EVON යන සන්නාමය යටතේ වෘත්තියමය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් සහ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන සම උදෙසා වන විශිෂ්ටතම නිෂ්පාදන පෙළ Aurica යන වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි. අද වන විට කින්දායි කගාකු ආයතනය මෙම සන්නාම තුනටම එනම් Dreamron, EVON, Aurica යටතේ නිෂ්පාදන අපනයනය කරනු ලබයි.

    ශ්‍රී ලාංකේය වෘත්තියමය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රන් පරිච්ඡේදයක් සටහන් කරමින් ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා විසින් ගෝලීය රූපලාවන්‍ය දැනුම ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුණින් යුතුව 2006දී Dreamron Collage of Art and Beauty පිහිටුවන ලදි. දිවයිනේ ප්‍රධාන නගර 09 ම ආවරණය වන පරිදි ශාඛා 09 ක් හරහා මෙම ආයතන වාර්ෂිකව 1200කට අධික වෘත්තිකයන් පිරිසක් ක්ෂේත්‍රයට මුදාහරිනු ලබන්නේ  NVQ මට්ටම් 4 හා ඉතා ඉහළ තාක්ෂණික දැනුමකින් සන්නද්ධ කරමිනි.

    ශ්‍රී ලංකාවේ සම්පත් හා ලොව විශිෂ්ටතම අමුද්‍රව්‍ය භාවිත කර අපේම රටේ අපේ ශ්‍රමිකයන් භාවිත කරමින් නිෂ්පාදනය කරන විශිෂ්ටතම රූපලාවන්‍ය අපනයන තුළින් Kindai Kagaku Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරිම උදෙසා මහඟු දායකත්වයක් සපයා ඇත.

    ජපානයේ කින්දායි කගාකු ආයතනය හා අනුබද්ධිත පර්යේෂණ සහ සංවර්ධන අංශය එහි නව්‍ය නිෂ්පාදන පිරිනැමිම සමඟින් තරගයෙන් ඉදිරියෙන් සිටීමට සමාගමට හැකියාව ලබා දෙයි. Dreamron නිෂ්පාදන  ISO 9001: 2015, GMP සහතික කර ඇති අතර, නිෂ්පාදන TQM, 5S පරිචයන් අනුව සිදු කෙරෙන අතර, පරිසරය, මානව හිමිකම්, සැපයුම් දාම ප්‍රමිතීන්, ආයතනික සමාජ වගකීම් සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ක්ෂේත්‍ර ආවරණය වන ප්‍රතිපත්ති මාලාවකින් මෙහෙයවනු ලැබේ. හොරණ ප්‍රදේශයේ පිහිටි Dreamron කර්මාන්තශාලා සංකීර්ණය අක්කර 10ක පාරිභෝගික හරිත පරිසරයක නිෂ්පාදන ටොන් 16කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ දෛනික ධාරිතාවයෙන් යුක්තය.

    රටට අත්‍යවශ්‍ය විදේශ ආදායමක් උත්පාදනය කිරීමට Kindai Kagaku Lanka හි නොපසුබස්නා කැපවීම 2024 වසර තුළ දී තවත් නව රටවල් 3කට ඇතුළුවීමට සමත් වනු ඇත. Dreamron, EVON සහ Aurica යන සන්නාමයන් දෙකටම ශ්‍රී ලංකාවේ අඩි පාරවල් පුළුල් කරමින් දේශීය වටිනාකම් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීම සැබෑ දේශීය ව්‍යාපාරික ව්‍යවසායකයන්ගේ දේශීය නිෂ්පාදනය මත උපක්‍රමශීලීව ගමන් කරමින් මිලියන 22ක ජනගහනයට තිරසර අනාගතයක් නිර්මාණය කිරීමට රට ඉදිරියට යන විට දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සියලු හි ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාරී වනු ඇත යනුවෙන් Dreamron සමූහයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා අදහස් දක්වමින් සමාගම්වල Dreamron සමූහ ව්‍යාපාරය විසින් ලාභයෙන් ඔබ්බට ගිය දැක්මක් ඇති ප්‍රධාන ව්‍යාපාරික ආයතන හතරක් හරහා ශ්‍රී ලාංකිකයන් 2000කට අධික පිරිසකට සෘජු සහ වක්‍ර රැකියා සපයා ඇත.