E.B Creasy සිය සූර්ය බලශක්ති පද්ධති හරහා මෙරට ජාතික විදුලි බල සැපයුම වෙත මෙගා වොට් 2.5ක් ලබා දෙයි

    March, 29, 2024

    E.B Creasy සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E. B Creasy Solar යනු, තිරසාර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් නවෝත්පාදනයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක වන, පුරෝගාමී සමාගමකි. එය E. B. Creasy & Co.PLC සමාගම තුළ සිදු කර ඇති ආකර්ෂණීය පරිවර්තනයෙන් තුළින් පැහැදිලි වන අතර, එමගින් එම සමාගම හුදු ව්‍යාපාරික අරමුණින් ඔබ්බට යමින් සූර්ය බලශක්ති ක්ෂේත්‍රය වෙත සිදු කරන සේවය මෙන් ම එම සමාගමේ තිරසාර හා ආචාරධර්මවලට අනුකූල චින්තනය ද පිළිබිඹු කරයි.  E. B. Creasy Solar මගින් මෙරට ආයතනික ක්ෂේත්‍රය තුළ විදුලි අවශ්‍යතාවලට තිරසාර විසඳුම් ලබා දීම සඳහා මෙරට බහුලව ලැබෙන සූර්ය බලශක්තිය උපයෝගී කර ගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

    මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැප වන E. B. Creasy සමූහය සිය සමූහය හා සම්බන්ධ විවිධ ආයතනවල ස්ථාපනය කර ඇති සූර්ය බල පද්ධති හරහා මෙරට ජාතික විදුලි බල පද්ධතිය වෙත මෙගා වොට් 2.5කට අධික දායකත්වයක් ලබා දෙයි. එහි දී  Ceyflex රබර් ආයතනය විසින් කිලෝ වොට්  297, Creasy Foods විසින් කිලෝ වොට් 200, Lanka Special Steels විසින් කිලෝ වොට් 450 සහ Ninja Factory වෙතින් කිලෝ වොට් 334 ක් ආදී වශයෙන් E. B. Creasy සමූහය හා අනුබද්ධිත ආයතනවල ස්ථාපිත සූර්ය බලශක්ති පද්ධති මගින් විදුලි බලය උත්පාදනය කරන අතර, E. B. Creasy හා සම්බන්ධ සපුගස්කන්ද බලාගාරය මගින් කිලෝ වොට් 383ක්, Candy Delights බලාගාරය මගින් කිලෝ වොට් 116ක් සහ Laxapana Batteries පද්ධතිය මගින් කිලෝ වොට් 334ක් ජාතික පද්ධතිය වෙත ලබා දෙයි. ඊට අමතරව E. B. Creasy ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ කිලෝ වොට් 400 ක සූර්ය බල පද්ධතියක් ස්ථාපනය වෙමින් තිබෙන අතර, එය අවම කාබන් විමෝචනයක් සහිතව තිරසාර පාරිසරික සංරක්ෂණයක් කරා ගමන් කිරීම සඳහා E. B. Creasy සමාගමේ කැප වීමට උදාහරණ සපයයි.

    මෙම ව්‍යාපෘති හරහා  E.B. Creasy  සමූහය සිය ආයතනික විදුලි බල අවශ්‍යතාව සපුරා ගැනීමට අමතරව,  ජාතික  විදුලි බල පද්ධතිය වෙත ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. එමෙන් ම E.B. Creasy  මෙම ක්‍රියාවලිය මගින් අසීමිත සූර්ය බලය උපයෝගී කර ගැනීම හරහා ඵොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට ජනතාව පෙළඹවීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර,  තිරසාර මෙන් ම  පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම හරහා ගෝලීය තිරසාර ඉලක්කවලට අනුගත වෙමින් ක්‍රියාත්මක වීම වෙනුවෙන් කැප වෙයි.

    B. Creasy Solar මගින් ශ්‍රී ලංකාව තුළ විවිධ ව්‍යාපෘති දියත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දී ඇති අතර, ලෝක බැංකුවේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන, 15,000කට අධික ග්‍රාමීය නිවාස වෙත විදුලි බලය ලබා දීමේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය එහි දී ප්‍රමුඛතම ස්ථානය හිමි කර ගනී. ඊට අමතරව ලොව ප්‍රමුඛ පෙළේ සූර්ය බල ජල පොම්ප නිෂ්පාදකයෙකු වන ජර්මනියේ Bernt Lorentz GmbH & Co. KG සමාගම හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ එක ම හවුල්කරු ලෙස වසර 22ක් පුරා කටයුතු කරන E. B. Creasy Solar සමාගම, UNDP, WORLD VISION LANKA, සහ IOM වැනි කීර්තිමත් සංවිධාන සමඟ එක්ව, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මහා පරිමාණ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති රාශියක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත. මෙම ව්‍යාපෘති හරහා මෙරට ජනතාවගේ ගෘහස්ථ හා කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන E. B. Creasy සමාගම AP Systems, ABB/FIMER, Longi PV Modules, AE Solar PV Modules සහ Phono Solar PV Modules වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාලක සූර්ය විසඳුම් බලශක්ති විසඳුම් සපයන්නා බවට පත්ව ඇත.

    1878 දී පිහිටුවන ලද   E. B. Creasy සමූහය, 1968 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රසිද්ධියේ ලැයිස්තු ගත කර ඇති, දීර්ඝ ඉතිහාසයක් සහිත මෙන් ම අඛණ්ඩ පැවැත්මක් සහිත ශ්‍රී ලාංකික    සමූහ ව්‍යාපාරයක් වන අතර, එම සමූහය නිෂ්පාදන, සැපයුම් වැනි සේවාවන් සහ වාහන බැටරි, යන්ත්‍රෝපකරණ, විදුලි ජනක යන්ත්‍ර හා තීන්ත වැනි නිෂ්පාදන පරාසයක් ආනයනය සහ බෙදා හැරීම සිදු කරයි.  එමෙන් ම සිය  විවිධාංගීකරණය වූ මෙහෙයුම් හරහා ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ නව්‍යකරණය සහ තිරසාරත්වය වෙනුවෙන්  E. B. Creasy සමූහය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.

    B. Creasy Solar සමඟ එක් ව අසීමිත සූර්ය බලය භාවිත කටමින් තිරසාර අනාගතයක් කරා ගමන් කරන්න. 077 440 7040 / 011 247 8770 – 9  යන දුරකථන අංක ඇමතීමෙන්, solar@creasy.lk යන ඊමේල් ලිපිනය වෙත පණිවුඩයක් යොමු කිරීමෙන් හෝ www.ebcreasysolar.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගත හැකිය. නැතිනම් අංක 98, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයෙහි පිහිටා ඇති E. B. Creasy ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.