East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    October, 17, 2017

    East West ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් සමාගමට අයත් කොටස් 88,345,235 ක් අද (17) දින උදෑසන ගනුදෙනු විය.

    කොටසක් රුපියල් 12.40 බැගින් සිදු වූ මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ මුලු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා තිබේ (රු. 1,095,480,914.00).

    මේ අතර අද (17) දින බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ, කොමිසමේ සාක්කිකාරියක වූ අනිකා විජේසූරිය මහත්මිය, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගොස් ඇති බවයි.

    අනිකා විජේසූරිය මහත්මිය East West ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂවරියක වන අතර එහි විශාලතම කොටස්කරු ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ පසුවෙයි.