Viva ELITE ඊළඟ කාර් පොඩ්ඩා ලීටරයට කිලෝ මීටර් 22ක් දුවයි ?

    August, 20, 2014

    මෙරට අතිශයින් ජනප්‍රිය Viva ELITE මෝටර් රථ නිපදවන මැලේසියානු පෙරුඩුවා සමාගම විසින් ළඟදීම එළිදැක්වීමට සූදානම් වන Perodua Axia නමින් නම්කර තිබෙන කුඩා මෝටර් රථය පෙට්රල් ලීටරයකින් කිලෝ මීටර් 21.6 ක් ධාවනය කළ හැකියැයි වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලශක්ති කාර්යක්ෂම වාහනයක් (energy efficient vehicle (EEV)) ලෙස නිපදවා තිබෙන මෙම වාහන 30,000 ක් මේ වසරේදී අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

    මෙම වාහනය ආසියාව තුළ වඩාත් ප්‍රචලිත වනු ඇති බවත් මෙය පරිසර හිතකාමී මෝටර් රථයක් බවත් සඳහන්ය.

    මේ වනවිටත් Perodua Axia මෝටර් රථ සඳහා ඇනවුම් රැසක්ම ලැබී ඇතැයි වාර්තා වේ.

    ලීටර් එකක එන්ජිමකින් සමන්විත මෙම මෝටර් රථය පෙරුඩුවා විසින් නිපදවූ ඉන්ධන කාර්යක්ෂතාවයෙන් ඉහළම මෝටර් රථය බව වැඩිදුරටත් සඳහන්ය.

    Perodua විසින් මෙම මෝටර් රථයද සුපුරුදු පරිදි ජපාන ඩයිහට්සු සමාගම සමග එක්ව නිපදවා  තිබේ.

    Perodua මෝටර් රථ බාහිර සැලසුම් මැලේසියානු සමාගම විසින් නිර්මාණය කළද එම මෝටර් රථවල අභ්‍යන්තර කොටස් වලින් වැඩි කොටස ඩයිහට්සු සමාගම හා ටොයොටා සමාගම විසින් නිපදවා තිබේ.

    එයට හේතුව වන්නේ Perodua සමාගමෙන් කොටසක් ජපාන ඩයිහට්සු සමාගමට අයත් වීමත් ඩයිහට්සු සමාගම සහ ටොයොටා සමාගම අතරද ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් තිබීමයි.
    මේ අනුව, වාර්තා වන ආකාරයට Daihatsu Ayla මෝටර් රථය Perodua Axia යනුවෙන් සන්නාමකරණය කර තිබේ.

    මෙම මෝටර් රථය එළි දැක්වීමෙන් Perodua සමාගම තරගයක් ලබාදීමට සූදානම් වන්නේ Kia Picanto, Hyundai i10 සහ Chevrolet Beat යන මෝටර් රථ වලටයි.b