EPF ගනුදෙනු ගැන මහ බැංකුව මෙසේ කියයි

    March, 27, 2017

    මෑතක දී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ කරුණු සාවද්‍ය බවත්, ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවරය මෙසේ වන බවත් පැහැදිලි කර සිටී.

    සේවක අර්ථසාධක අරමුදල මගින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළය සිදු කර තිබූ ගනුදෙනු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් එම පරීක්ෂණ වාර්තාව සාකච්ඡාවට ලක් කරන ලදී.

    යම් වරදක් සිදුකර ඇති බවට සාක්ෂි මගින් පෙනී යන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යය පටිපාටීන්ට අනුකූලව අදාළ කවර හෝ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරණය කරන ලදී.